යුරෝපා හවුලෙන් වෙන්වීමට බ්‍රිතාන්‍යයට බාධකයක්!

යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යයට වෙන් වීම සඳහා 52% ක ජනතා අනුමැතියක් ලැබී තිබියදී එය ක්‍රියාත්මක කිරීමට මේ වනවිට බාධාවක් මතුව ඇති බව වාර්තා වේ.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය සමග එක්වූ ක්‍රියාවලිය සිදුව ඇත්තේ පාර්ලිමේන්තු පනතක් සම්මත කර ගැනීමකින් වන නිසා නැවත  ඉන් ඉවත් වීමද පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතියකින් තොරව ක්‍රියාත්මක කළ නොහැකි බවට අධිකරණය අනුමත කර තිබේ.

මේ පිළිබඳව ඉදිරිපත්ව ඇති පැමිණිල්ලක් සළකා බැලූ බ්‍රිතාන්‍ය මහාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවේ බහුතරයකගේ කැමැත්ත ඒ සඳහා ලබා ගත යුතු බව දන්වා තිබේ. අධිකරණයේ මෙම අදහස් දැක්වීමත් සමග බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේ  ගේ ආණ්ඩුව යුරෝපා සංගමයෙන් වෙන් වීම සඳහා සිදුකරමින් තිබූ ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ නොහැකි තත්වයකට මුහුණ දී ඇතැයි වාර්තා වේ.Image result for තෙරේසා මේ

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්