විරෝධය මැද පළා යද්දී ගැම්බියා ජනාධිපති සිදු කළ දේ

ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වී තවදුරටත් බලයේ රැදී සිටීමට උත්සාහ දැරූ ගැම්බියා ජනාධිපති ජනතා විරෝධය හමුවේ පසුගියදා එරටින් පළා ගිය අතර එසේ පළා යද්දී එරට භාණ්ඩාගාරයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 11ක මුදලක්ද පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ.

වසර 22ක් ගැම්බියා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ යහියා ජමේ පසුගිය ජනාධිපතිවරණයේදී විපක්ෂයේ අපේක්ෂකයා වූ අදමා බැරෝ හමුවේ පරාජයට පත්විය. පාරායෙන් අනතුරුව බලයේ රැදී සිටීමට උත්සාහ දැරීමේදී දැඩි ජනතා විරෝධයක් හා අප්‍රිකානු රටවලින් එල්ල වූ විරෝධය හමුවේ ගිනියාව බලා පළා ගියේය.

අප්‍රිකානු මහද්වීපයේ බටහිර අප්‍රිකාවට අයත් ගැම්බියාව අප්‍රිකානු මහද්වීපයේ දරිද්‍රතාවය ඉහළ මට්ටමේ ඇති රටක් බව පැවසේ. වසර 22ක් බලයේ රැදී සිටී ජනාධිපතිවරයාට එරට ජනතාවගෙන් දැවැන්ත විරෝධයක් එල්ල විය.  පළා යන අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා පැහැරගෙන ගිය දේපල පිළිබඳ මෙතෙක් ගණන් බලා නොමැති බව වාර්තා වේ.

_93734581_gettyimages-632319202

Facebook
Twitter
LinkedIn