අධික ජනප්‍රියතාවය අනතුරක් බව පාප් වහන්සේ කියයි

ජනප්‍රියතාව උපයෝගී වෙමින් හිට්ලර් වැනි ආඥාදායකයින් නැවතත් බිහි වීමේ අනතුරක් මතුව ඇතැයි ෆ්‍රැන්සිස් පාප්තුමා ස්පාඤ්ඤ පුුවත්පතක් සමග පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දීමෙන් අනතුරුව පාප් වහන්සේ මෙලෙස ප්‍රකාශයක් සිදු කිරීම විශේෂත්වයක් ගන්නා අතර  උන්වහන්සේ වැඩිදුරටත් පවසා ඇත්තේ  මැතිවරණයකින් බලය ලබා ගත් හිට්ලර් එක්සත් ජර්මනියක් ගොඩනැගීමේ ප්‍රතිඥාව ලබා දෙමින් ඒකාධිපතියකු බවට පත්වී තම ජනතාවම විනාශය කරා යොමු කිරීමට කටයුතු කළ බවයි.

ඇමෙරිකානු වත්මන් ජනාධිපතිවරයා සම්බන්ධයෙන්  අදහස් පළ කිරීමට තවමත් කල් වැඩි බවත් කාලයට ඉඩදී  ඔහුගේ ක්‍රියාමාර්ග දිහා බලා සිටිය යුතු බවයි. විශේෂයෙන්ම මේ වනවිට මැදපෙරදිග සිට සංක්‍රමණය වන සරණාගතයින් සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාප් වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ තාප්ප මගින් හෝ කම්බි වැටවල් මගින් සංක්‍රමණිකයින්ගේ පැමිණීම වැළැක්වීමට අනෙකුත් රටවල් කටයුතු කිරීම හෙළාදකින් බවයි.Image result for පාප් වහන්සේ

Facebook
Twitter
LinkedIn