වීරවංස යළි රක්ෂිත බන්ධනාගාරයට

Image may contain: 3 people, people sittingරජයේ වාහන සිය ඥාතීන්ට, හිතවතුන්ට බෙදාදෙමින් අවභාවිතයක යෙදීම සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පසුගිය 10 දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඉදිකිරීම්, ඉංජිනේරු නිවාස සහ පොදු පහසුකම් අමාත්‍යාංශයේ හිටපු අමාත්‍යා විමල් වීරවංස මහතා ලබන මස 07 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

අදාළ නඩුව අද (24) කැඳවූ අවස්ථාවේදී ඒ මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ. 

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන අයථා පරිහරණය තුළින් රුපියල් නව කෝටි දහසය ලක්ෂ තිස් පන්දහසකට (රු. 91,350,000) වැඩි මුදලක් රජයට පාඩු කළ බවට මොවුන්ට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මෙම නඩුව පවරා ඇත.

Facebook
Twitter
LinkedIn