සිරියාවේ පැල්මයිරා නගරය විනාශ කිරීම සිරියාවේ ජනතාවගේ සංස්කෘතිය සෝදා පාළුවකට ලක් කිරීමක් බව යුනෙස්කෝ ආයතනයේ අරාබි රාජ්‍යයන් පිළිබඳ ඒකකයේ ප්‍රධානී නාඩා අල් හසාන් පවසා තිබේ.
අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් මෙම පෞරාණික පැල්මයිරා නගරයේ පිහිටි ඉතා ඉහළ ඓතිහාසික වටිනාකමකින් යුතු රෝමානු කවාකාර රඟමඩලත්, කුළුණු 4කින් යුතු ගොඩනැගිලි ව්‍යූහයත් විනාශ කර දමා ඇති බව හෙළිදරව් වී තිබේ. මීට පෙර අයි.එස්. ත්‍රස්තවාදීන් විසින් සිරියාවේ පෞරාණික උරුමයන් සහිත කෞතුකාගාරය විනාශ කළ අතර එරට කීර්තිමත් පුරාවිද්‍යාඥයින් දෙදෙනෙකුද අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබීය.
සංස්කෘතික උරුමයන් යුද්ධයේ ඉලක්ක බවට පත් වූ ප්‍රථම අවස්ථාව මෙය නොවන බවත් පැල්මයිරා නගරය සංස්කෘතිමය හා ඓතිහාසික වටිනාකමින් ඉහළින්ම ඇති නගරයක් වන බැවින් අයි.එස්. ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් බවට පත්ව ඇතැයි යුනෙස්කෝ ආයතනයේ අරාබි රාජ්‍යයන් පිළිබඳ ඒකකයේ ප්‍රධානී නාඩා අල් හසාන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
සංස්කෘතික හා ජාතික උරුමයන් විනාශ කිරීමට මීට පෙර යුද සමයන්වලදීද සිදුකර ඇති අතර ක්‍රොඒෂියා යුද්ධයේදී සර්බියා හමුදා ලෝක උරුමයක් ලෙස පිළිගෙන තිබූ ඩබ්රොවින්ක් නගරයත්, සරාජෙවෝ නගරයේ පිහිටා තිබූ වටිනා පුස්තකාලයත්, පළමු ලෝක යුද සමය තුළ ජර්මානු හමුදා මගින් බෙල්ජියමේ මෙඩියවෙල් නගරයේ පිහිටා තිබූ ඓතිහාසික වටිනාකමක් ඇති පුස්තකාලයත් විනාශ කර තිබේ.
රටකට එරෙහි තවත් රටක් සිදු කරනු ලබන ආක්‍රමණික යුද්ධයකදී හෝ එක් ජනවර්ගයකට එරෙහිව තවත් ජනවර්ගයක් සිදු කරනු ලබන යුද්ධයකදී හෝ මිනිස් ඉතිහාසය තුළ මිනිසා ආ ගමන් මග හෙළි කරනු ලබන ඓතිහාසික වටිනාකමක් ඇති පුරාවස්තු හා සංස්කෘතික උරුමයන් මෙලෙස විනාශයට ලක් කිරීම සැහැසි හා ම්ලේච්ඡ ක්‍රියාවක් වේ.













