බැඳුම්කර විවාදය අද

Image result for cope in sri lankaමහ බැංකු බැඳුම්කර නිකුතුවේදී සිදුව ඇති වංචාව සම්බන්ධයෙන් සිදු කළ කෝප් කමිටු වාර්තාව සම්බන්ධයෙන් වු පාර්ලිමේන්තු විවාදය අද (24) පැවැත්වීමට නියමිතය.

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ පරීක්ෂණ පැවැත් වූ පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු වාර්තාව පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර අද විවාදය කල් තැබීමේ විවාදයක් ලෙස ගැනීමට නියමිතය. 

කෙසේවෙතත් මෙම විවාදය පැවැත්වීම නතර කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය උත්සාහ දරමින් සිටින බවත් තිනියාවල පාලිත හිමියන් විසින් අධිකරණය හමුවේ ගොණු කර ඇති පෙත්සම පාදක කරගනිමින් මෙම විදායද නොගෙන සිටීමට පිඹුරුපත් සකරමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

Facebook
Twitter
LinkedIn