මලික්, රවී, අකිල මාධ්‍යහමුවේදී පලා යයි

වත්මන් යහපාලන ආණ්ඩුවේ ඇමතිවරු තිදෙනෙක් ස්ථාන දෙකකදී ඊයේ (05) පවත්වන ලද මාධ්‍ය හමු දෙකකදී මාධ්‍යවේදීන් විසින් අසනලද ප්‍රශ්නවලට නිසි පිළිතුරු නොදී මාධ්‍ය හමුව අතරමැද නවතා නැගිට ගොස් තිබේ.

එක් මාධ්‍ය හමුවක් මුදල් අමාත්‍යාංශයේ පවත්වා ඇති අතර ඊට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහභාගී වී ඇත.

අනෙක් මාධ්‍ය හමුව එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොතේදී පවත්වා ඇති අතර ඒ සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහභාගී වී තිබේ.

මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී හම්බන්තොට වරාය හා ඉඩම් අක්කර 15,000ක් චීන සමාගමකට විකිණීම සම්බන්ධයෙන් මාධ්‍ය වේදීන් දිගින් දිගටම ප්‍රශ්න කර ඇති අතර එහිදී මද වේලාවක් පිළිතුරු දෙමින් සිටි  මලික් සමරවික්‍රම සහ රවි කරුණානායක ඇමතිවරු දෙපල ක්ෂණිකව මාධ්‍ය හමුවෙන් නැගිට ගොස් ඇත.

“ඇමතිවරු පලා යයි කියලද අපි ලියන්නේ…” යැයි එක් මාධ්‍ය වේදියෙකු එහිදී විමසා ඇත.

සිරිකොත පක්ෂ මූලස්තානයේ පැවති මාධ්‍ය හමුවේදීද මාධ්‍යවේදීන්ට මෙවැනිම අත්දැකීමකට මුහුණදීමට සිදුව ඇති අතර එහිදී මාධ්‍ය හමුවට සහභාගී වූ අකිල විරාජ් කාරියවසම් අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට නිසි පිළිතුරු නොදී මාධ්‍ය හමුවෙන් නැගිට ඉන් පිටත්ව යාමට උත්සා කළ අතර එහිදී මාධ්‍යවේදීන් තවදුරටත් ප්‍රශ්න කිරීම නිසා මාධ්‍ය හමුවෙන් පිටතට පැමිණ මද වේලාවක් පිළිතුරු ලබාදී පිටව ගොස් තිබේ. 

“අනේ ඔබතුමා යනවනේ” යැයි එක් මාධ්‍ය වේදියෙකු එහිදී විමසා ඇත.

https://www.youtube.com/watch?v=_z_0M-qEfzU

https://www.youtube.com/watch?v=aA-l8HZRqXQ

Facebook
Twitter
LinkedIn