ස්වීඩන් කොමියුනිස්ට් පක්ෂයේ සමුළුව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ස්වීඩනය බලා පිටත්ව ගොස් තිබේ.
ස්වීඩන් කොමියුනිස්ට් පක්ෂයෙන් ජනතා විමුක්ති පෙරමුණට ලැබුණු ආරාධනාවක් මත බිමල් රත්නායක මහතා ඊට සහභාගී වී ඇති අතර එම සමුළුවෙන් පසු ස්වීඩනය, ජර්මනිය, සහ ඩෙන්මාර්කය යන රටවලදී ශ්‍රී ලාංකිකයන් සඳහා සම්මන්ත්‍රණ කිහිපයක් ඇමතීමටද නියමිතය.
එම රටවල ක්‍රියාත්මක ජනතා විමුක්ති පෙරමුණේ කමිටු විසින් එම සම්මන්ත්‍රණ සංවිධායන කරන අතර අද (06) සිට ලබන 16 දක්වා බිමල් රත්නායක මහතා එම සංචාරයේ නිරත වේ.
2









