සමස්ත ලංකා ගොවිජන සම්මේලනය, එක්සත් සහල් නිපදවන්නන්ගේ සංගමය, මරඳගහමුල වී සකසන්නන්ගේ සංගමවල නියෝජිතයන් ඇතුළු කුඩා හා මධ්‍යපරිමාණ වීමොල් හිමියන්ගේ සංගම්වල නියෝජිත පිරිසක් ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා සමග අද (06) විශේෂ සාකච්ඡාවක නිරත වීමට නියමිතය.
පවතින සහල් සහ වී මාෆියාව සම්බන්ධයෙන් පසුගිය සමයේ දිගින් දිගටම කරුණු අනාවරණය කිරීමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගම් කටයුතු කළහ.
මේ සම්බන්ධයෙන් පී. හැරිසන් අමාත්‍යවරයාද මාධ්‍ය හමු පවත්වමින් කිසිඳු වී මාෆියාවක් නැතැයි පැවසීය. කෙසේ නමුත් වී සහ සහල් මාෆියාව සම්බන්ධයෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගම් කරුණු හෙළිදරව් කරන්නට වූ අතර මේ වනවිට ගොවිජන සම්මේලනයට සහ වී මෝල් හිමියන්ට සාකච්ඡාවක් ලබා දීමට අමාත්‍යරවා කටයුතු කර ඇත.
මෙම සාකච්ඡාව සඳහා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා, සභාපති සුසන්ත කුමාර මහතා, එක්සත් සහල් නිපදවන්නන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා, මරඳගහමුල සහල් සකසන්නන්ගේ සංගමවල නියෝජිතයන් සහ කුඩා හා මධ්‍යපරිමාණ වී මෝල් හිමියන්ගේ සංගම්වල නියෝජිතයින් එක් වීමට නියමිතය.










