“හම්බන්තොට වරාය, ජනතාවගේ ඉඩම් විකිණීම වහා නවතනු!” යනුවේ අද (05) ප.ව.2.30ට ඇරඹි පෙළපාලියට සහ ප.ව.3.00ට ආරම්භ කළ රැලියට අතිවිශාල ජන සහභාගීත්වයක් දක්නට ලැබේ.
හම්බන්තොට වරාය චීනයට විකිණීමට හා හම්බන්තොට ඉඩම් අක්කර 15000ක් චීන ආයෝජකයින්ට ලබා දිම සඳහා ආණ්ඩුව ගෙන ඇති තිරණයට විරෝධය පළකරමින් අම්බලන්තොට ලැයිම හන්දියෙන් විරෝධතා පා ගමන ඇරඹූහ.
මහ සංඝරත්නය, ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්, කලාකරුවන් ඇතුළු බොහෝ පිරිසකගේ මූලිකත්වයෙන් මෙම විරෝධතාව පෙළපාලිය සහ රැලිය ආරම්භ වූ අතර ඊට හම්බන්තොට වරාය සහ ඉඩම් විකිණීමෙන් පීඩාවට පත්වන ජනතාව ඇතුළු බොහෝ පිරිසක් සහභාගි වී සිටියහ.




1









