කුලියාපිටියේ කර්මාන්තශාලව “ෆොක්ස් වාගන්” ප්‍රතික්ෂේප කරයි

ෆොක්ස් වාගන් සමාගමේ මෝටර්ථ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක් යැයි පවසමින් පසුගයි 03වනදා කුලියාපිටියේදී මුල්ගල් තබනලද කර්මාන්තශාලාව තම සමාගමට අයත් එකක් නොවන බව ෆොක්ස් වාගන් සමාගම ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂය සිය මැතිවරණ ප්‍රකාශනයේ සිට මෙම මුල්ගල් තැබීමේ අවස්ථාව දක්වා ප්‍රචාරය කරමින් තිබුණේ මෙම කර්මාන්තශාලාව ෆොක්ස් වාගන් සමාගමට අයත් එකක් බවය.

කෙසේ නමුත් අවසාන අවස්ථාවේ එය යුරෝපා මෝටර්ථ එකලස් කිරීමේ ව්‍යාපෘතිය යනුවෙන් හඳුන්වා ඇති නමුත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරු සහ ඇමතිවරු දිගින් දිගටම ප්‍රචාරය කරනුයේ මෙය ෆොක්ස් වාගන් සමාගමට අයත් මෝටර්ථ නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලාවක් බවය.

මෙම ව්‍යාපෘතිය වොක්ස් වාගන් සමාගමට අයත් නොවන බව මේ වනවිට තහවුරු වී ඇති අතර යුරෝපා මෝටර්ථ එකලස් කිරීමේ ව්‍යාපෘතිය යැයි හඳුන්වමින් මුල් ගල් තබනලද ව්‍යාපෘතිය ආරම්භ කිරීමටද නිශ්චිත ආයෝජකයන් නොමැති බව හෙළි වේ. 

මෙවැනි කරුණු නිසා මෙය හුදු ප්‍රචාරක ව්‍යාපෘතියක් පමණක් බව දේශපාලන විචාරකයෝ පවසති.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්