වෙරිටේ රිසර්ච් පෞද්ගලික ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන mantri.lk වෙබ් අඩවිය මගින් සංවිධානය කරනු ලබන පාර්ලිමේන්තු කල් තැබීමේ යෝජනා සංවාදයේ පළමු සංවාදය පසුගිය 08 වැනිදා එම ආයතනයේදී පවත්වන ලදි.
කලා ක්ෂේත‍්‍රයේ පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් ජ.වි.පෙ. නායක අනුර දිසානායක මහතා ඉදිරිපත් කරන ලද කල් තැබීමේ යෝජනාව මෙම සංවාදයට බඳුන් කරන ලදී.
මේ සදහා ආරාධනා කර තිබූ ආණ්ඩු පාර්ශ්වයේ කිසිවෙකුත් ඊට සම්බන්ධ නොවූ අතර අවම වශයෙන් අමාත්‍යාංශ ලේකම්වරයෙකු හෝ අතිරේක ලේකම්වරයෙකු හෝ සහභාගී වීය.
කළා ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් පිරිසක් සහ විශාල විද්වතුන් පිරිසක් සහභාගී වූ මේ සංවාදයට පැමිණ සිටි එකම දේශපාලඥයා වූයේ ජවිපෙ නලින්ද ජයතිස්ස මහතා පමණි.
සංවාදයට එක්වූ මන්ත්‍රීවරයා ආණ්ඩුව කලාකරුවන් කුලීකරුවන් බවට පත්කර ඇති බව මෙහිදී ප‍්‍රකාශ කළේය. මෙම සංවාදයට එක්වූ බොහෝ දෙනා මන්ත්‍රීවරයාගේ ප‍්‍රකාශය අනුමත කරමින් ඔහුට ප‍්‍රසාදය පළ කෙළ්ය.










