පැහැරගත් ඉරාක මාධ්‍යවේදිනිය මුදාහරී!

පසුගියදා අවිගත් කණ්ඩායමක් විසින් පැහැරගනු ලැබූ ඉරාක මාධ්‍යවේදිනියක වූ අෆ්රාහ් ෂෝව්කි අල්- ක්වයිසි  මුදා හැර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාක අභ්‍යන්තර ඇමතිවරයාව විවේචනය කරමින් වෙබ් අඩවියකට අදහස් පළ කිරීමෙන් පසුව මාධ්‍යවේදිනිය පැහැරගනු ලැබීම විශේෂත්වයක් වූ අතර පැහැරගැනීම සම්බන්ධයෙන් ඇමතිවරයා වෙත චෝදනා එල්ල වී තිබේ.

ආරක්ෂක අංශ නිලධාරීන් යැයි හඟවමින් නිවස වෙත පැමිණ සන්නද්ධ කණ්ඩායමක් විසින් ඇය පැහැරගෙන ගොස් තිබූ අතර මාධ්‍යවේදිනය පැහැරගත් කණ්ඩායම විසින්ම ඊයේ (03) දිනයේදී බැග්ඩෑඩයේ පිහිටි ඇයගේ නිවස වෙත රැගෙන විත් මුදාහැර තිබේ.

මානව හිමිකම් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ක්‍රියාකාරිනියක්ද වන 43 හැවිරිදි ඉරාක මාධ්‍යවේදිනි අෆ්රාහ් ෂෝව්කි අල්- ක්වයිසි  ඉරාකය තුළ සිදු වන අල්ලස් හා දූෂණයන්ට එරෙහිව හඬ නැඟූ මාධ්‍යෙවේදිනියකි. ඇය අෂර්ක් අල්-අව්සත් පුවත් පතට අමතරව දේශීය වෙබ් අඩවි රැසක මෙන්ම ඉරාක සංස්කෘතික අමාත්‍යාංශයේ ද සේවය කරන  බව පැවසේ.  

Facebook
Twitter
LinkedIn