උදයංග වීරතුංගගේ බැංකු ගිණුම් අත්හිටුවයි

මිග් යානා ගණුදෙනුවේදී රාජ්‍ය මුදල් අවභාවිතය, ත්‍රස්තවාදීන්ට ආයුධ ලබා දීම ඇතුළු චෝදනා රැසක් එල්ලවී තිබෙන යුක්‍රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංගට අයත් ගිණුම් 16 ක් අත්හිටුවීමට කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(4) නියෝග කර තිබේ. මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බලා මෙම නියෝගය නිකුත් කර තිබේ. 

Facebook
Twitter
LinkedIn