නාමල්ගේ හෙළිදරව්ව සනාතයි – වස විස යෙදූ සහල් අල්ලයි

නාමල්ගේ හෙළිදරව්ව සනාතයි – වස විස යෙදූ සහල් අල්ලයි

මහින්ද රාජපක්ෂ පාලන සමයේ සතොසට ආනයනය කර තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්වයේ පසු වීම නිසා සත්ව ආහාරවලට අලෙවි කළ සහල් තොගයක් කෘමිනාශක සහ රසායනික ද්‍රව්‍ය යොදා නැවත සකසා “රට සහල්” යැයි හඳුන්වමින් අලෙවි කරමින් තිබියදී පාරිභෝගික සේවා අධිකාරිය විසින් ඊයේ (03) අත්අංගුවට ගෙන තිබේ.

මිනිස් පරිභෝජනයට නුසුදුසු වස විස මුසු කරන ලද සහල් තොගයක් මේ වනවිට වෙළදපොළට නිකුත් කර ඇති බැවින් සහල් මිලදී ගැනීමේදී කල්පනාකාරී වන ලෙස කුඩා සහ මධ්‍යම පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පසුගිය 31 රාත්‍රියේ කුරුණෑගලදී මාධ්‍ය හමුවක් පවත්වමින් ජනතාවට අනතුරු ඇඟවූ අතර එහිදී අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා එම විස සහිත සහල්වල සාම්පලයක්ද එහිදී මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කළේය. එ මහතා දිගින් දිගටම මෙම පරිභෝජනයට නුසුදුසු සහල් සම්බන්ධයෙන් අනාවරණය කළේය.

ඒ අනුව අත්අඩංගුවට ගත් සහ තොගයේ කිලෝ 15,000ක් තිබී ඇති අතර එය ගෝනි 1150ක බහා තිබී ඇත.

අත්අඩංගුවට ගත් මෙම තොගය අතර ගුල්ලන් ගැසූ සහ පුස් බැඳ තිබූ සහල් තොගයක්ද හමු වී ඇත.

පාරිභෝගික සේවා අධිකාරියේ විමර්ශන නිලධාරීන් සිදු කළ මෙම වැටලීමෙන් පිටකොටුව හතරවැනි හරස් වීදියේ තොග වෙළෙඳ සැල් දෙකකින්ද පරණ යොන් වීදියේ හා මධ්‍යම පාරේ වොළඳ සැල් දෙකකින්ද මෙම සහල් තොගය සොයාගෙන ඇත.

කිලෝ 25 ප්‍රමාණයේ හාල් ගෝනි 550ක් හා කිලෝ 50 බැගින් වූ ගෝනි 600ක් ද එම තොග වෙළඳ සැල්වලින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වෙළඳසැල් හිමියන්ට විරුද්ධව ලබන 10 වැනි අධිකරණයේ නඩු පවරන බවද පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා තම අනාවරණය පල දැරීම මේ රටේ සුවහසක් ජනතාවගේ හිතසුව පිණිස වූ බවත් සහල් මාෆියාවට එරෙහිව වී මොල් හිමියන්, ‍ගොවියන් සහ පාරිභෝගිකයන් සමග දිගින් දිගටම කටයුතු කරන බවත් වැඩිදුරටත් පැවසීය.

Facebook
Twitter
LinkedIn