බණ්ඩාරවෙල උඩපේරුව ප්‍රදේශයේ පසුගිය 31වනදා අළුයම සිට ආරම්භ වී ඇති නිවාස ගිලා බැසීමේ තත්වය අද (01) වනවිට වර්ධනය වී ඇති බව වාර්තා වේ.
පසුගිය 31වනදා එම ගිලා බැසීම හේතුවෙන් නිවාස 4කට අලාභහානි සිදු වූ අතර අද තවත් නිවාස දෙකක් ගිලාබැසීමට ලක් වී ඇත.
එම නිවැසියන් අසල්වාසීන්ට මේ බව දැන්වීමෙන් පසු ප්‍රදේශවාසීන්ගේ සහායෙන් එම නිවාසවල තිබූ බඩු භාණ්ඩ ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර එම නිවැසියන් වෙනත් ආරක්ෂිත ස්ථානයකට රැගෙන යමින් සිටින බවද වාර්තා වේ.
අඩි දෙකත් තුනත් අතර පරතරයකට පැලීම් දක්නට ලැබෙන බවද වැඩිදුරටත් වාර්තා වේ.
උමා ඔය ව්‍යාපෘතිය නිසා මෙම තත්වය එම ප්‍රදේශවල කලක පටන් හටගෙන තිබේ. උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව සහ එය නතර කරන ලෙසත් හානි වූවන්ට වන්දි ලබා දෙන ලෙසත් ඉල්ලමින් උමාඔය බහුවිනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමණ පසුගිය 29වනදා බණ්ඩාරවෙල නගරයේදී දැවැන්ත විරෝධතා පාගමණක් සහ රැලියක්ද පවත්වන ලදී.










