ආණ්ඩුව වසර දෙක සමරන්නේ වරාය විකුණලා

යහපාලනය තමන්ගේ වසර දෙකේ උපන්දිනය සමරන්නේ හම්බන්තොට වරාය බිලි දෙමින් බව ජාතික භික්ෂු පෙරමුණේ  වකමුල්ලේ උදිත හිමියෝ පවසති. හම්බන්තොට ජනතා අයිතීන් සුරැකීමේ සංවිධානය සමග එක්ව වරාය විකිණීමට එරෙහි මාධ්‍ය හමුවක් පවත්වමින් උන් වහන්සේ මේ බව පවසයි.  

‘අපේ රටේ පාලක පන්තිය පැමිණි විනාශකාරී ගමනක අවසානයේ විසාලාවට පැමිණි යක්ෂ සේනාව මෙන්  හිතුමනාපයේ ජනතා සම්පත් විනාශ කරමින් සිටින බවත් හම්බන්තොට ඉඩම් කොල්ලය එහි එක් කොටසක් පමණක් බවත් මේ විනාශයන්ට එරෙහිව ජාතීන් ලෙස ආගම් ලෙස හෝ ප්‍රාදේශ ලෙස නොබෙදී එකතු වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය. 

 

Facebook
Twitter
LinkedIn