හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ලබාගත් ණය ගෙවිය යුත්තේ මහජනතාව බවත් වරාය ජනතාවගේ සම්පතක් බවත් එය විකුණා දැමීමට ආණ්ඩුවට අයිතියක් නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි. ආණ්ඩුවේ මෙම විකිණීමේ ප්‍රතිපත්තියට එරෙහිව දැවැන්ත අරගලයක් කරන බවත් එහි මූලික පියවර ලෙස දිවයින පුරා පත්‍රිකා බෙදාහැරීමක් හෙට ආරම්භ කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මෙම අදහස් පැවසීය.
තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා
මේ ආණ්ඩුව පත්වෙලා වසර දෙකක් ගතවෙමින් තිබෙනවා. ඕනෑම ආණ්ඩුවක ගමන්මග කි‍්‍රයාමාර්ග මැන බැලීමට වසර දෙකක කාලයක් ඕනෑවටත් වඩා ප‍්‍රමාණවත්. වසර දෙකක් ගතවෙමින් තිබෙන මේ ආණ්ඩුව පෙන්වමින් තිබෙන්නේ මේ රට ගමන් කරන විනාශය වැළැක්වීමට හෝ රට නව දිශාවකට යොමුකිරීමට කිසිසේත්ම සූදානම් නැති බවයි, ඒ සඳහා සමත්කමක් නැති බවයි. මේ රට ගමන් කරමින් තිබෙන විනාශය වළක්වනවා වෙනුවට මේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති, කි‍්‍රයාමාර්ග පෙළ ගැසෙමෙන් තිබෙන්නේ, තවදුරටත් විනාශකාරී දිශාවකටයි.
වංචා දූෂණවලට හවුල් වූ දූෂිතයින්ට දඬුවම් දීම මේ ආණ්ඩුවේ ප‍්‍රධාන සටන් පාඨයක් වුණා. නමුත් දූෂිතයින්ට දඬුවම් දෙනවා වෙනුවට, හොරකම් කළ දේපොළ නැවත පවරා ගන්නවා වෙනුවට මේ ආණ්ඩුව දූෂිතයින්ගේ රැකවලූන් බවට පත්වෙලා තිබෙනවා. ඒ වගේම වංචාවට-දූෂණයට හවුල් වෙමින් තිබෙනවා. දූෂිතයින්ට දඬුවම් ලබාදීම, දූෂණය නතර කිරීම කෙරෙහි බලාපොරොත්තු තැබූ ජනතාවගේ බලාපොරොත්තු බිඳ දමා අවසන් කළ කාල පරිච්ෙඡ්දයක් බවට පසුගිය වසර දෙක පත්වෙලා තිබෙනවා. ඒ වගේම පසුගිය කාලයේ සිදුවූ බරපතළ ඝාතනයන් පිළිබඳ සාකච්ඡුාවට ලක්වුණා. තාජුඞීන් ඝාතනය, ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, රතුපස්වල ඝාතන, වැලිකඩ බන්ධනාගාරයේ ඝාතන පිළිබඳව පරීක්‍ෂණ දියත්කොට අපරාධකාරයින් නීතිය හමුවට ගෙනෙයි කියලා ජනතාව බලාපොරොත්තු වුණා. නමුත් මේ ආණ්ඩුව එම ඝාතන පිළිබඳව ප‍්‍රවෘත්ති නිර්මාණය කළා මිස ක‍්‍රමවත්ව පරීක්‍ෂණ සිදුකළේ නැහැ. ඒ වෙනුවට ඝාතකයින් ආරක්‍ෂා කරන තත්වයකට පත්වුණා. ඝාතකයින්ගේ ඝාතන කාලයේ වැලි තලාවෙන් යටපත් කර දැමීමට මේ ආණ්ඩුව කටයුතු කළා.
ඒ විතරක් නෙවෙයි මේ ආණ්ඩුව ප‍්‍රාදේශීය වශයෙන් මතුවන ගැටලූවලට පවා විසඳුමක් ලබාදීමට අසමත් වී තිබෙනවා. උමාඔය විනාශකාරී ව්‍යාපෘතිය පිළිබඳව පරිසරවේදීන් ඇතුළු විද්වතුන් විශාල ප‍්‍රමාණයක් කරුණු පෙන්වා දුන්නා. එසේ තිබියදී ඒ පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වපු මේ ආණඩුව එව ගැටලූව ඔහේ ඇදී යාමට ඉඩ දුන්නා. ඒ හේතුවෙන් මේ වනවිට විශාල පාරිසරික හානි ඇතිවෙලා තිබෙන අතර එම ප‍්‍රදේශවල ජනතාවට ජීවත් වීමට පවා බැරි තත්වයක් උද්ගත වෙලා තිබෙනවා. එවැනි ප‍්‍රශ්නයකට පවා විසඳුමක් ලබාදීමට මේ ආණ්ඩුව අසමත් වී තිබෙනවා.
ඒ වගේම මේ වනවිට සහල් වෙළඳපොළේ සහල් මිල ඉහළ යාම නිසා අර්බුදයක් මතුවෙලා තිබෙනවා. නියඟයක් පවතින බව සැබෑවක්. නමුත් වර්තමානයේ සහල් මිල ඉහළ යාමට බලපා තිබෙන්නේ දැන් ඇතිවෙලා තිබෙන නියඟය නොවේ. මෙම නියඟයේ බලපෑම ඇතිවන්නේ මාර්තු අපේ‍්‍රල් වනවිට. මේ කාලයේ බලපෑමක් ඇතිවන්නේ පසුගිය මහ කන්නයේ, යල කන්නයේ ලබාගත් අස්වැන්නට අනුවයි. නමුත් එම කාලය තුළ නියඟයක් හෝ වෙනත් ආපදාවක් ඇතිවුණේ නැහැ. පසුගිය කාලය මුදල් ඇමති රවී කරුණානායක කිව්වා, වී වගාව අත්හරින්න කියලා. කෘෂිකර්ම ඇමති මාධ්‍ය සාකච්ඡා පවත්වමින් කිව්වා අස්වැන්න වැඩියි, ඒ නිසා කුඹුරු අක්කර ලක්‍ෂයක් වගාවෙන් ඉවත් කරන්න අවශ්‍යයි කියලා. මේ ආකාරයට ආණ්ඩුව සහල් නිෂ්පාදනය වැඩි කිරීමට අවධානය යොමුකරනවා වෙනුවට එය කඩා දැමීමට කටයුතු කළා. ඒ විතරක් නෙවෙයි වී අස්වැන්න සත්ව ආහාරවලට, බියර් නිෂ්පාදනයට යොමු කළා. ඒ තත්වය හමුවේ දැන් සහල් පාරිභෝගිකයින්, සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් විශාල අර්බුදයකට මුහුණ දී තිබෙනවා. එම අර්බුදය හමුවේ වී අලෙවි මණ්ඩලය අර්බුදය සමනය කිරීමට කටයුතු කරනවා වෙනුවට කොමිස් ලබාගැනීමේ අරමුණින් වී අලෙවි මණ්ඩලය සතු වී තොග අතරමැදියන්ට විකුණා දමමින් තිබෙනවා. එම ගැටලූවලට උත්තරයක් ලබාදෙන්න මේ ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා.
මේ ආණ්ඩුවේ මූලික ආර්ථික ප‍්‍රතිපත්තිය බවට පත්වෙලා තිබෙන්නේ බදු ගැසීම, සහනාධාර හා සේවා කප්පාදු කිරීමයි. පසුගිය කාලයේ සම්මත කර ගන්නා ලද පනත්, ගැසට්, ඒ වගේම කැබිනට් මණ්ඩලයේ ගන්නා ලද තීන්දු, තීරණ උපායමාර්ග පෙළ ගැසී තිබෙන්නේ. රාජ්‍ය සම්පත් විකිණීම හා ජනතාවට ලබාදෙන සහනාධාර හා සේවා කප්පාදු කිරීමේ දිශාවටයි. පසුගිය අයවැයෙන් සම්මත කරගත් නව බදු බොහොමයක් ජනවාරි 01දා සිට කි‍්‍රයාත්මක වෙනවා. ඒ වගේම අයවැයෙන් ගෙනඑන ලද යෝජනා ගැසට්පත් මගින් ඉදිරි මාස තුන ඇතුළත කියාවට නගනවා. ඒ අනුව මෙම කාර්තුව තුළ ආණ්ඩුවේ නව බදුවලින් ජනතාව පීඩාවට පත්වෙනවා.
අපේ රටේ නිෂ්පාදනයට වියළි කලාපයත් තෙත් කලාපයත් නිෂ්පාදනයෙන් දායක වෙනවා. වියළි කලාපයට නියඟයක් එනවිට ආණ්ඩුව කළ යුත්තේ තෙත් කලාපයේ නිෂ්පාදනය වැඩි කිරීමයි. නමුත් මේ වනවිට අපිට දකින්න තිබෙන්නේ තෙත් කලාපයේ කුඹුරු පුරන් වෙලා තිබෙන ආකාරයයිි. ආණ්ඩුව නිෂ්පාදනය වැඩිකිරීමට කටයුතු නොකළා පමණක් නොවේ. පොහොර සහනාධාරය ලබාදීමට පියවර ගත්තේ නැහැ. අම්පාර ජනතාව පොහොර සහනාධාරය ඉල්ලා උද්ඝෝෂණය කළා. කළුතර ප‍්‍රදේශයේ ගොවි ජනතාව දිගින් දිගටම පොහොර සහනාධාරය ලබා නොදීම පිළීබඳව අප වෙත පැමිණිලි කරමින් තිබෙනවා. ඒ වගේ ම ආණ්ඩුව අයවැයෙන් යෝජනා කළා රෝහල්වල ගෙවන වාට්ටු ස්ථාපිත කරනවා කියලා. අධ්‍යාපනය වරප‍්‍රසාද ලබන අයට පමණක් සීමා කිරීමට මේ ආණ්ඩුව කටයුතු කරමින් තිබෙනවා. මේ ආකාරයට ආණ්ඩුව ජනතාවට ලබාදෙන සහනාධාර සේවා කප්පාදු කරනවා.
මේ ආණ්ඩුව තමන්ගේ ආර්ථික ප‍්‍රතිපත්තියට අනුව විකිණීමේ කි‍්‍රයාමාර්ග ආරම්භ කොට තිබෙනවා. ආණ්ඩුව මේ විකුණන්න හදන්නේ මහජනතාවගේ දේපොළයි. හම්බන්තොට වරාය ඉදිකිරීම සඳහා ණය ලබාගත්තා. ඒ ණය ගෙවිය යුත්තේ මහජනතාවයි. ඒ වගේම වරාය ඉදිකොට තිබෙන්නේ මහජනතාවට අයිති භූමියකයි. ඒ නිසා වරාය ජනතාවගේ සම්පතක්. එය විකුණා දැමීමට ආණ්ඩුවට අයිතියක් නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා, වරාය විකිණීම සඳහා ගහන ගිවිසුම් රටට ඉදිරිපත් කරන්න කියලා. මෙම වරාය ඉදිකිරීම වෙනුවෙන් ඩොලර් මිලියන 1350ක ණයක් ගත්තා. නමුත් වරාය ඇමති අර්ජුන රණතුංග කියනවා මේ වරාය ඉදිකිරීම සඳහා යොදවා තිබෙන්නේ ඩොලර් මිලියන 750ක් පමණක් බවත් ඩොලර් මිලියන 600ක් මේ සඳහා වැයකර නැති බවත්. නමුත් දැන් වරාය විකිණීම සඳහා තක්සේරු කොට තිබෙන්නේ fඩාලර් 1300කටයි. එයින් 80%ක් චීන සමාගමට 99 වසරකට පවරනවා. එතැන ප‍්‍රශ්නය තිබෙන්නේ එම තක්සේරුව අදාළ වන්නේ වරායට පමණක් වීමයි. වරාය ඉදිකොට තිබෙන අක්කර 400ට අමතරව ඒ අවට අක්කර 1200ක් සමාගමට පවරන්න ආණ්ඩුව කටයුතු කරමින් තිබෙනවා. එපමණක් නොවේ. වරායේ සිදුවන සියලූම සේවා, සියලූ ගනුදෙනු සමාගමට පවරනවා. වසර 15ක් යන තෙක් අදාළ සමාගම කිසිදු බද්දක් ආණ්ඩුවට ගෙවිය යුතු නැහැ. ඒ වගේම ආණ්ඩුවට අයිතිවන 20% ප‍්‍රමාණයට වසර 15ක් යනතෙක් ලාභාංශ ගෙවන්නේ නැහැ. ඒ නිසා මෙය ඉතාම දූෂිත ගනුදෙනුවක්. පසුගිය ආණ්ඩුව ඉදිකිරීම් කටයුතුවලදී හොරකම් කළා. මේ ආණ්ඩුව ජනතාවගේ සම්පත් විකිණීමේදී හොරකම් කරනවා.
මේ ආණ්ඩුව මූල්‍ය විනිවිදභාවය ගැන කතා කළා. හම්බන්තොට වරාය විකිණීමේ ගනුදෙනුවේ විනිවිදභාවය මොකක්ද කියලා අපි ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කරනවා. මේ විකිණීමට අදාළව ගිවිසුම් හැදුවේ කවුද? තක්සේරු කළේ කවුද? ගිවිසුම්වල තිබෙන්නේ මොනවාද කියලා රටට ඉදිරිපත් කළ යුතුයි. එසේ නොමැතිව එම ගනුදෙනුවේ විනිවිදභාවයක් ඇතිවෙන්නේ කොහොමද? හම්බන්තොට වරාය පමණක් නොව හම්බන්තොට ප‍්‍රදේශයේ අක්කර 15,000ක්, කොළඹ වරායේ නැගෙනහිර ජැටිය, කහටග මිනිරන් පතල, පුල්මුඬේ ඛනිජ වැලි නිධිය විකුණා දැමීමට කටයුතු කරමින් ඉන්නවා. ති‍්‍ර/මලයේ තෙල් ටැංකි මේ වනවිටත් ඉන්දියාවට පවරලා ඉවරයි. එම තෙල් ටැංකි ආශි‍්‍රත ප‍්‍රදේශයට තෙල් සංස්ථාවේ නිලධාරීන් ඇතුල්වනවිට අත්අඩංගුවට ගැනීමට තරම් ඉන්දියානු සමාගම් කටයුතු කරමින් තිබෙනවා. මෙම තෙල් ටැංකි පැවරීම සඳහා ගිවිසුම ගැහුවේ 2003 කරු ජයසූරිය විදුලිබල ඇමතිවරයාව සිටියදී. ඒ වනවිටත් එම ගිවිසුම අත්සන් කිරීමට කරු ජයසූරියට අයිතියක් තිබුණේ නැහැ. ඒ අනුව ගිවිසුම උල්ලංඝනය කරමින් තමයි මේ වනවිටත් අයි. ඕ.සී. සමාගම ති‍්‍රකුණාමලය තෙල්ටැංකි අත්පත්කරගෙන තිබෙන්නේ. ගිවිසුම අහෝසිකොට එම තෙල් ටැංකි ආණ්ඩුවට පවරා ගන්නවා වෙනුවට මොකක්ද මේ ආණ්ඩුව කරමින් තිබෙන්නේ? ගිවිසුම අලූත්කොට එම තෙල් ටැංකි අයි. ඕ.සී. සමාගමටම පැවරීමට කටයුතු කරමින් සිටිනවා.
මේ ආණ්ඩුව අපේ රට තවදුරටත් විනාශකාරී දිශාවකට ඇදගෙන යනවා. ඒ විනාශකාරී ගමන වැළැක්වීම වෙනුවෙන් අරගලයක් දියත් කළ යුතුව තිබෙනවා. එම අරගලය මේ වසර ආරම්භයේදීම දියත් කිරීමට අපි කටයුතු කරමින් ඉන්නවා. ඒවගේම ජනතාවගේ අයිතීන් දිනා ගැනීමට අරගල කරන වසරක් බවට මේ වසර පත්කළ යුතුව තිබෙනවා. මේ රට විනාශය කරා ඇදගෙන යාමට එරෙහිව සටනක් දියත් කළ යුතු වසරක් බවට පත්කළ යුතු වෙනවා. එම සටන දියත් කිරීම වෙනුවෙන් ජනතාව පෙළගැස්වීමේ වගකීම වාමාංශික ව්‍යාපාරයන්වල කාර්යභාරයක්. ඒ වෙනුවෙන් අපි සියලූ කටයුතු සූදානම් කරනවා.
පසුගිය 29වැනිදා විනාශකාරී උමාඔය ව්‍යාපෘතියට එරෙහිව උද්ඝෝෂණ පා ගමනක් සහ ඒකාබද්ධ රැුලියක් සංවිධානය කළා. වී අලෙවි මණ්ඩය සිදුකරමින් තිබෙන වංචාකාරී කි‍්‍රයාවට එරෙහිව ජවිපෙ ගොවිජන සම්මේලනයක් කුඩා හා මධ්‍ය පරිමාණයේ මෝල් හිමියන්ගේ සංගමයත් ඒකාබද්ධව සටනක් දියත් කරමින් තිබෙනවා. ඒ වගේම මේ ආණ්ඩුවේ සම්පත් විකිණීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් හෙට දිනයේ රට පුරා පති‍්‍රකාවක් බෙදාහැරීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. එය හෙට දිනයේ කොළඹ කොටුව ඉදිරිපිටින් ආරම්භ කරනවා. ජනවාරි 05වැනි දින හම්බන්තොට වරාය විකිණීමට සහ හම්බන්තොට ඉඩම් කොම්පැණිවලට පැවරීමට එරෙහිව උද්ඝෝෂණ රැුලියක් හම්බන්තොටදී පවත්වනවා. ලබන 17වැනිදා කොළඹ වරායයේ නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව උද්ඝෝෂණයක් පවත්වනවා. ඒ වගේම ජනතාවට ලබාදෙන සහනාධාර කැපීමට එරෙහිව සිවිල් සංවිධාන හරහාත් වැඩ කරන ජනතාවගේ අයිතීන් කප්පාදුවට එරෙහිව වෘත්තීය සමිති හරහාත් උද්ඝෝෂණ කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරනවා. ඒ වගේම මේ ආණ්ඩුවේ විනාශකාරී ආර්ථික කි‍්‍රයාමාර්ගවලට එරෙහිවත් විනාශකාරී ප‍්‍රතිපත්ති වෙනුවට වෙනස් ප‍්‍රතිපත්ති කි‍්‍රයාත්මක කිරීමට ජනතා මධ්‍යස්ථානයක් ගොඩනැගීමටත් අප කටයුතු කරනවා. එය ජනතා විමුක්ති පෙරමුණ සතු වගකීමක් පමණක් නොවන අතර මේ රටේ සියලූ දෙනා ඒ වෙනුවෙන් මැදිහත් වන ලෙසත් අරගල කරන ලෙසත් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්…
මේ වනවිට පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ප‍්‍රධාන ප‍්‍රශ්න දෙකක් මතුවෙලා තිබෙනවා. පැවති ආණඩුව විසින් සිදුකළ සීමා නීර්ණය එක් ගැටලූවක්. සියලූ දේ කළ හැකියි සිතාගෙන හිටපු බැසිල් ඇමතිවරයා ශී‍්‍රල.නි.ප. සංවිධායකයින්ගේ ගෙවල්වල තමයි මෙම සීමා නිර්ණය සකස්කර තිබෙන්නේ. එම සීමා නීර්ණය වාර්තාව කියවලා බැලූවොත් ඕනෑම කෙනෙකුට පැහැදිලි වෙනවා සීමා නීර්ණ අපැහැදිලි බව. ඒ නිසා සීමා නීර්ණය සඳහා විධිමත් වාර්තාවක් සකස් කිරීමේ අවශ්‍යතාවය පැනැගී තිබුණා. ඒ වෙනුවෙන් කමිටුවක් පත්කොට දීර්ඝ කාලයක් වැයකොට මේවනවිට වාර්තාවක් සකස් කොට තිබෙනවා. එම වාර්තාවට කමිටුවේ දෙදෙනෙක් අත්සන් කොට නැහැ. ඒ පිළිබඳව සොයා බැලිය යුතුව තිබෙනාව. අනෙක් ප‍්‍රශ්නය වන්නේ සකස් කොට තිබෙන මැතිවරණ ක‍්‍රමය. එය සකස් කළේ බැසිල් රාජපක්‍ෂගේ අවශ්‍යතාවයට අනුවයි. එවකට පළාත් පාලන ඇමති අතාවුල්ලා පවා එම මැතිවරණ ක‍්‍රමය පිළිබඳව දැනගෙන හිටියේ නැහැ. මා පාර්ලිමේන්තුවේ අසන ලද කිසිදු ප‍්‍රශ්නයකට ඇමතිවරයා පිළිතුරු ලබාදුන්නේ නැහැ. එම මැතිවරණ ක‍්‍රමය මගින රට තුළ ද්වීපක්‍ෂ ක‍්‍රමයකට ඉඩ විවෘත කරන අතර අනෙකුත් දේශපාලන පක්‍ෂ පළවා හැරීමට කටයුතු කරනවා. එම මැතිවරණ ක‍්‍රමයට විශාල සංශෝධන ප‍්‍රමාණයක් එකතු කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි සංශෝධන ලබාදීමට සූදානම්. එම විකෘති ඡුන්ද ක‍්‍රමයෙන් ජනතාවගේ කැමැත්ත සාධාරණ ලෙස නියෝජනය වෙන්නේ නැහැ. ඒවගේම මේ වනවිට නව ව්‍යවස්ථාවට සමගාමීව නව මැතිවරණ ක‍්‍රමයක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමුවෙලා තිබෙනවා. නව මැතිවරණ ක‍්‍රමයක් පිළිබඳව මේ වනවිට 90%ක පමණ එකඟතාවයක් ඇතිවෙලා තිබෙනවා. එ ඡුන්ද ක‍්‍රමය පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන මැතිවරණ තුන සඳහාම යොදාගත යුතුව තිබෙනවා. එම නිසා අපි පාර්ලිමේන්තුවේදී යෝජනා කළා මෙවර පළාත් පාලන මැතිවරණය පමණක් පැවති සමානුපාතික ඡුන්ද ක‍්‍රමයට පවත්වන්න කියලා. පනතක් ගෙන ඒමෙන් එය කළ හැකියි. එවිට මාර්තු වනවිට පළාත් පාලන මැතිවරණය පවත්වන්න පුළුවන්. නමුත් දැනට තිබෙන විකෘති ඡුන්ද ක‍්‍රමය අනුව කවදා ඡුන්යද පවත්වන්න පුළුවන්ද කියලා කියන්න පුළුවන්කමක් නැහැ.
ආණ්ඩුවේ දැන් අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප‍්‍රතිපත්තිවල බලපෑම් නිසා ඉදිරියේදී රට විශාල අර්බුදයකට යනවා. ඒක රනිල් වික‍්‍රමසිංහ දන්නවා. ඒ නිසා ඔහු කියා තිබුණා 2030 වනවිට රටේ සමෘද්ධිමත් ආර්ථිකයක් හදනවා කියලා. මේ අවුරුද්දේ රට සංවර්ධනය කරන්න බැහැ කියලා රනිල් වික‍්‍රමසිංහ දන්නවා. ඒ වගේම 2020 වනවිටත් බැහැ කියලා ඔහු දන්නවා. 2030 වනවිට ඔහු පාලනයේ නැති බවත් දන්නවා.
පසුගිය ආණ්ඩුවේ වංචා-දූෂණ සිදුවන විට සරත් අමුණුගම ඒ ආණ්ඩුවේ කැබිනට් එකේ හිටියා. එදත් වංචා-දූෂණවලට කැබිනට් එකේ අත ඉස්සුවා. මේ ආණ්ඩුවේ වංචා-දූෂණත් ඔහු විසින් ආරක්‍ෂා කරනවා. එහෙම කරන අමුණුගම කියනවා, වංචා-දූෂණවලට එරෙහිව නීති හදනවා කියලා. එය සම්පූර්ණයෙන්ම ජනතාව නොමග යවන්න කරන ප‍්‍රකාශයක්. වංචා-දූෂණවලට එරෙහිව රටේ තිබෙන නීති ප‍්‍රමාණවත්. පොදු දේපොළ පනත අනුව රජයේ දේපළ රු. 25,000කට වැඩි ප‍්‍රමාණයක් වංචා කළොත් ඇප නැහැ. ඒ තරම් බලවත් පනතක්. ඒවගේම මුදල් විශුද්ධිකරණ පනත යටතේ තමන් උපයා ගත් දේපළ පිළිබඳ පැහැදිලි කරන්න බැරිනම් අත්අඩංගුවට ගන්නවා. එම පනත අනුව තමයි බැසිල්ගේ නිවාස ඉඩම් ආණ්ඩුවට පවරා ගත්තේ. දේපළ පවරා ගන්නවා පමණක් නොවෙයි එම දේපලවල වටිනාකම මෙන් තුන් ගුණයක් දක්වා දඩයක් නියම කරන්න පුළුවන්. එවැනි බලවත් නීති තිබියදී අමුණුගම මොකටද නීති හදන්නේ. නීති තිබෙනවා පමණක් නොව එම නීති කි‍්‍රයාත්මක කිරීම සඳහා වංචා-දූෂණ විමර්ශන කොමිසම, සී.අයි.ඞී.ය, එෆ්.සී.අයි.ඞී. වැනි ආයතන තිබෙනවා. නීති තිබෙනවා, ආයතන තිබෙනවා. හොරකම් කරපු දේපෙළ තිබෙනවා. හොරු ඉන්නවා. අතරමැද ආණ්ඩුව තිබෙනවා. ඒ නිසා හොරු අත්අඩංගුවට ගන්නේ නැහැ. අතරමැද ආණ්ඩුවක් නොතිබුණා නම් හොරු අත්අඩංගුවට ගැනීමේ කි‍්‍රයාවලිය හරියට සිදුවෙනවා. ඇත්තටම බාධාව වෙලා තිබෙන්නේ මේ ආණ්ඩුව.









