ගුවන්තොටුපළ සහායිකාවන්ට තවමත් නිල ඇඳුම් නැහැ

Image result for katunayake airportකටුනායක ගුවන්තොටුපළට අනියුක්තව සේවය කරන ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ ගුවන් සේවිකා සහායක තනතුරේ කටයුතු කරණ කාන්තාවන් සඳහා අවශ්‍ය නිලඇඳුම් දැනට වසර තුණක පමණ සිට ලබා නොදෙන බව වාර්තා වේ.

මේ වනවිට ඔවුන් විවිධ වර්ණයෙන් යුත් යාරිවලින් සැරසී එහි සේවයට වාර්තා කරන අතර එය ජාත්‍යන්තර මට්ටමේ පවතින ගුවන්තොටුපළකට උචිත නොවන බවත් එය ගුවන්තොටුපළේ මෙන්ම එහි සේවකයන්ගේද පෞරුෂයට දැඩි හානියක් බවත් එය රටක් ලෙසද අප ගුවන්තොටුපළ පහළට වැටීමට බල පාන බවත් එම සේවකයෝ පවසති. 

මේ සම්බන්ධයෙන් මේ වනවිට වෘත්තීයසමිති මට්ටමින් සාකච්ඡාවටයක් ආරම්භ කිරිමට කටයුතු සූදානම් කර ඇති බවද මේ අතර වාර්තාවේ.

Facebook
Twitter
LinkedIn