ඉන්දු – ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගීතා එකඟතාව හෙවත් එට්කා ගිවිසුම පිළිබඳ තුන්වන වටයේ සාකච්ඡා ලබන 2017 ජනවාරි 04 සහ 05 යන දෙදින තුළ කොළඹදී පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය හෙළිදරව් කරයි.
මේ වනවිට එට්කා ගිවිසුම පිළිබඳ සාකච්ඡා තීරණාත්මක අධියරකට පිවිස ඇති බව ඉන්දීය එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා පල කර තිබේ.
එට්කා ගිවිසුමට අත්සන් තැබීමට දෙසැම්බර් 31වනා එනම් ඊයේ සිදු කිරීමට ශ්‍රී ලංකා පාර්ශවයට අවශ්‍ය වූ නමුත් ශ්‍රී ලංකාව තුළ පැවති විරෝධතා නිසා ශ්‍රී ලංකා රජය අඩියක් පස්සට ගත් බවත් ඉන්දීය පුවත්පත් වාර්තා කරයි.
එහෙත්, ගිවිසුම අත්සන් කිරීම සඳහා කාල විරාමයක් අවශ්‍ය නොවන බවත් දෙපාර්ශවයම තෘප්තිමත් වනතුරු ඒ පිළිබඳ සාකච්ඡා කළ යුතු බවත් මෙරට සංචාරයක් නිරත වූ ඉන්දීය වානිජ කටයුතු ඇමතිනී නිර්මලා සීතාරාමන් ප්‍රකාශ කළ බවත් ඉන්දීය එක්ස්ප්‍රස් පුවත්පත අවධාරණය කරයි.
3









