ඩොලර් මිලියන ගණනක වංවාවකට සූදානම්

Image result for 100 us dollarශ්‍රී ලන්කන් එයාර් ලයින් සමාගමට ගුවන් යානා 13ක් කල්බදු ක‍්‍රමය යටතේ ලබා ගැනීමට පසුගිය රාජපක්‍ෂ පාලනය ගෙන තිබූ තීරණය අවලංගු කිරීම නිසා එම ගනුදෙනුවේ අතරමැදි සමාගම්වලට වන්දි ගෙවීමේ ක්‍රියාවලියේදී ඩොලර් මිලියන ගණනක වංචාවක් සිදු කෙරෙන තත්ත්වයක් මතුව තිබේ.

ඩුබායි බැංකු සංසදයනම් අප‍්‍රකට විදේශීය ආයතනයකින් ඩොලර් මිලියන 150 (රුපියල් මිලියන 22,950)ක ණය මුදලක් ගැනීම සඳහා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා විසින් අමාත්‍ය මණ්ඩල යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

මෙම යෝජනාව සම්බන්ධයෙන් දැඩි උණුසුම් විවාදයක් ඇතිවී තිබෙන අතර එම යෝජනාව වැඩිදුරටත් අධ්‍යයනය කළ යුතු බව ජනාධිපතිවරයා දන්වා ඇත.

කල් බදු ක‍්‍රමය යටතේ ගුවන් යානා ලබා ගන්නේ නම්, ඩොලර් මිලියන 154ක් වැය වන බවට තක්සේරු කර තිබිණි. නමුත් එම තීරණ අවලංගු කිරීම නිසා අතරමැදි සමාගමට වන්දි ගෙවීම සඳහා ඩොලර් මිලියන 98.5ක් යෙදැවීමට සූදානමක් පවතී. මෙය ලංකා රුපියල් මිලියන 15,070ක් පමණ වේ. මේ අතර අදාළ වන්දි ගෙවීම සම්බන්ධයෙන් 2016 ඔක්තෝබර් 24 වැනි දින ආර්ථික කළමනාකරණ කමිටුව විසින් නිර්දේශ කර තිබෙන්නේ ඩොලර් මිලියන 7.5ක් සහ ඩොලර් මිලියන 8ක් අතර ප‍්‍රමාණයකි.

ගුවන් යානා ගැනීමේ අතරමැදි කටයුතු සඳහා පසුගිය පාලන සමයේදී මුලින්ම යොදාගෙන ඇත්තේ, ඉන්ටර්නැෂනල් ලීස් ෆයිනෑන්ස්නම් සමාගමක්ය. එහෙත් පසුව එය හදිසියේඅර්පැක්නම් සමාගමකට මාරු කර තිබේ. 

මෙවැනි සැක කටයුතු කරුණු රැසක් ඇමති මණ්ඩල යෝජනාව පිටුපස තිබෙන අතර මූල්‍ය තැරැවුකාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ පසුගිය පළාත් පාලන සමයේ මෙරටින් විදේශගත කරන ලද කළු සල්ලි විශාල ප‍්‍රමාණයක් ඩුබායි බැංකු සසංදය නම් අප‍්‍රකට ආයතනය හරහා යළි මෙරටට ගෙන්වීමේ සූදානමක් පවතින්නේදැයි විශාල සැකයක් මතුව තිබෙන බවයි.

Facebook
Twitter
LinkedIn