හොර උපාධි කඩයට පාතාලයත් සම්බන්ධයි

Image result for සමීර සේනාරත්නමාලඹේ නීති විරෝධී සයිටම් වෛද්‍ය උපාධි ආයතනයට පාතාල ලෝකයේ දැඩි සහයෝගයක් ලබාගෙන තිබෙන බවට කරුණු ගණනාවක් අනාවරණය වෙමින් තිබේ.

මෙම ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී බව කියා ගන්නා සමීර සේනාරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වූ පොලිස් පරීක්‍ෂණ අතරතුරදී මෙම ආයතනය සහ පාතාල සම්බන්ධකම් පිළිබඳව තොරතුරු අනාවරණයවී ඇත.

මෙම ආයතනය ආරම්භ කළ අවධියේ ප‍්‍රසිද්ධ කරන ලද පුවත්පත් දැන්වීම් අනුව රුසියාවේ නිෂ්නිනොව්ගොරොද් විශ්වවිද්‍යාලය සමඟ සම්බන්ධ බවට පළ කර තිබූ දැන්වීම ජනතාව නොමඟ යවමින් පල කළ බොරුව දැන්වීම් බව හෙළිවී තිබිණි. එම ආයතනයේ අධ්‍යාපනය ලැබීමට ඇතුළත් කළ ශිෂ්‍යයකුගේ මාපියන් එම ව්‍යාජයට එරෙහිව අධිකරණය ඉදිරියේ නඩු පවරා තිබිණි.

මෙයින් කෝපයට පත්වූ සමීර සේනාරත්න විසින් මෙහෙයැවූ කල්ලියක් එම මාපියන්ට තර්ජනය කර පසුව ඔවුන්ගේ නිවසට පැන අදාළ ලිපිගොනු සියල්ල පැහැරගෙන ගොස් තිබිණි. එම මාපියන් පැවරූ නඩුවේ විභාගය මේ වනවිටද සිදු කෙරෙමින් පවතී.

ඒ අතරතුර සමීර සේනාරත්න නමැත්තාට වෙඩි තැබී යැයි කරන ලද පැමිණිල්ල පිළිබඳ පැවැත්වූ පොලිස් පරීක්‍ෂණවලදීද සමීර නැමැත්තා සහ පාතාලයේ සාමාජිකයන් අතර සම්බන්ධකම් සොයාගෙන තිබේ.

වෙඩි තැබීම සම්බන්ධයෙන් ප‍්‍රධානම සැකකරු බවට හඳුනාගෙන සිටින හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුද පාතාලයට දැඩි සම්බන්ධකම් දක්වමින් සිටින්නය. පරීක්‍ෂණ අවසානයේ මෙම දේශපාලන හා පාතාල සම්බන්ධය හෙළි වීමත් සමඟ අදාළ ප‍්‍රාදේශීය දේශපාලනඥයා අතුරුදහන්වී ඇත.

මේ අතර සමීර සේනාරත්න වෛද්‍යවරයකු වශයෙන් පෙනී සිටියද ඔහු වෛද්‍යවරයකු නොවන බව තහවුරුවී ඇත. 

ඔහුට වෙඩි තැබුවේ යැයි කියන දින ඊට මඳ වේලාවකට පෙර පාතාලය හා සම්බන්ධකම් තිබෙන ප‍්‍රධාන සැකකාර ප‍්‍රාදේශීය දේශපාලකයා සමඟ දුරකථන සංවාද කීපයක් පවත්වා ඇති බව පොලිසිය සොයාගෙන තිබේ.

මූලාශ්‍ර ලංකා ඉරිදා සංග්‍රහය

Facebook
Twitter
LinkedIn