බැඳුම්කර මාධ්‍ය ජාලයට එජාපයේ බදු සහන

Image result for මහ බැංකුවේ බැඳුම්කරබැඳුම්කර වංචාවෙන් උපයා ගන්නා ලද මුදල් යොදවා අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා විසින් ආරම්භ කිරීමට සූදානම් වන මාධ්‍ය ජාලය සඳහා ආනයනය කර තිබෙන උපකරණ රැසක් සඳහා ගෙවිය යුතු රුපියල් කෝටි සිය ගණනක රේගු බදු මුදල් කපා හැරීමට ආණ්ඩුව ක්‍රියා කරමින් සිටින බව අනාවරණය වේ.

නවීන මුද්‍රණාලයක් සඳහා මුද්‍රණ උපකරණ, අමුද්‍රව්‍ය, නවීන විද්‍යුත් මාධ්‍ය උපකරණ ඇතුළු රුපියල් කෝටි සිය ගණනක් වටිනා උපකරණ මේ වනවිට කොළඹ වරායට ගෙන්වා තිබේ. මේ පිළිබඳව කළ සොයාබැලීමකදී හෙළි වූයේ විවිධ සමාගම් නාම උපයෝගී කරගෙන සහ පුද්ගල නාමවලට උපකරණ ආනයනය කර තිබෙන බවයි.

එසේ ගෙන්වා තිබෙන උපකරණ සියල්ල එකම ලැයිස්තුවකට ඇතුළත් කර රේගු බදු සහන ලබා දීමට මුලින් ප‍්‍රයත්න දරා ඇත. එහිදී මෙම උපකරණ බැඳුම්කර මාධ්‍ය ජාලය සඳහා ගෙන්වා ඇති ඒවා බව අනාවරණයවී ඇත. එසේ හෙළි වීමෙන් පසුව අදාළ ලේඛනය ඉවත් කරගෙන ලේඛන කීපයක් යටතේ අදාළ භාණ්ඩ බදු රහිතව නිදහස් කර ගැනීමට සූදානම් වෙමින් සිටින බව හෙළිවේ.

අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා විසින් ආරම්භ කිරීමට සූදානම් වන මාධ්‍ය ජාලය එක්සත් ජාතික පක්‍ෂයේ මාධ්‍ය ජාලය ලෙස පවත්වාගෙන යාමට සැලැසුම් කර තිබේ. එසේ වුවත්, එම සැලැසුමට එම පක්‍ෂයේම ප‍්‍රබලයන් කොටසකගේ ප‍්‍රබල විරෝධයක් පවතී. බැඳුම්කර වංචනික මුදල් යොදාගෙන මාධ්‍ය ආයතනය පවත්වාගෙන යාම පක්‍ෂයට බරපතල අනතුරක් බව ඔවුන්ගේ මතයවී තිබේ.

එම විරෝධය නොතකා අගමැති රනිල් වික්‍රමසිංහ, මුදල් ඇමති රවි කරුණානායක ඇතුළු ප‍්‍රබලයන් මෙම මාධ්‍ය ජාලය ස්ථාපිත කිරීමට සියලු පහසුකම් සපයමින් සිටින බව අනාවරණය වේ. 

ලංකා ඉරිදා සංග්‍රහය

Facebook
Twitter
LinkedIn