ශ්‍රී ලංකා යුද හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව දියත් කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස, “අග්බෝ” හස්තියා නාච්චාදූව වැව් රක්ෂිතයේදී නිරීක්ෂණය වී තිබේ.
එම ප්‍රදේශය භාර වනජීවී අඩවි සහකාර බුද්ධික මහතා විසින් තහවුරු කර ඇති පරිදි, සොයා ගන්නා අවස්ථාව වන විටත් අග්බෝ හස්තියා ඉතා නිරෝගී සුවයෙන් සහ යහපත් ශාරීරික තත්වයෙන් පසු වී ඇත.
එම තහවුරු කිරීම් අනුව අග්බෝ ඇතා මේ වනවිට නාච්චාදූව වැව් රක්ෂිත පරිශ්‍රයේ කිසිදු උවදුරකින් තොරව, පූර්ණ සුරක්ෂිතභාවයෙන් සහ නිරෝගීව සැරිසරන බව වනජීවී නිලධාරීන් වැඩිදුරටත් සහතික කරයි.
Views: 77










