අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ලද හිටපු ඇමතිවරුන් වන විමල් වීරවංස, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර, පොහොට්ටු පක්ෂයේ න්යායාචාර්ය මහින්ද පතිරණ, ගෝටාබය රාජපක්ෂ ජනාධිපති සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්රි අසංක නවරත්න ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල ලබන 23 වැනිදා යළි කැඳවන ලෙසට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
ඒ කොටුව මහේස්ත්රාත් අධිකරණය විසින් ඉදිරිපත් කර ඇති මෙම පැමිණිල්ල අද (19) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය ප්රමුඛ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
පාස්කු ඉරුදින ප්රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමට එරෙහිව පැවැති විරෝධතාවලදී පළකරන ලද අදහස්වලින් වගඋත්තරකරුවන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් ඒ අනුව ඔවුන්ට එරෙහිව පියවර ගන්නා ලෙසත් ඉල්ලමිණි.










