කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරියකුද ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
මින් දෙදෙනෙකු ඊයේ (18) රාත්‍රියේ ගිනි අවි දෙකක් සහ උණ්ඩ 24ක් සමඟ අත්අඩංගුවට ගන්නා ලදී.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇහැටුවැව ප්‍රදේශයේ පදිංචි වයස 34 – 67 අතර වයස්වල පසුවන පුද්ගලයන් පිරිසකි. ඒ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සිදුකළ මෙහෙයුමකදීය.
අත්අඩංගුවට ගත් නිපුණතා සංවර්ධන නිලධාරියා මීට මාස හතරකට පමණ පෙර `ඩයනා’ නමැති ඇතින්නටද වෙඩි තබා ඝාතනය කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී මුව මස් කිලෝග්‍රෑම් තුනක් සහ ඉත්තෑ මස් කිලෝග්‍රෑම් එකක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර, සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ගල්ගමුව වනජීවී කාර්යාලය වෙත භාරදී ඇති බව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය වැඩිදුරටත් සඳහන් කරයි.










