කතානායකට එරෙහි විශ්වාසභංගය හමුවේ විපක්ෂයේ දැඩි අර්බුදයක… කුලරත්න වෙනුවෙන් පෙනී සිටීමත් නායකයින් ප්‍රතික්ෂේප කරයි…

කතානායකට එරෙහි විශ්වාසභංගය හමුවේ විපක්ෂයේ  දැඩි අර්බුදයක… කුලරත්න වෙනුවෙන් පෙනී සිටීමත් නායකයින් ප්‍රතික්ෂේප කරයි…

පාර්ලිමේන්තුවේ කථානායක ඉලක්ක කර ගනිමින් විපක්ෂය විසින් ඉදිරිපත් කිරීමට සූදානම් වන විශ්වාසභංග යෝජනාව හේතුවෙන් විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වී ඇති බව වාර්තා වේ.

​තොරතුරු වාර්තා වන ආකාරයට මෙම විශ්වාසභංග යෝජනාව පිටුපස සිටින, විවිධ චෝදනාවලට ලක්ව තනතුරෙන් ඉවත් කරන ලද පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්නගේ උවමනාවන් ඉටු කිරීමට තමන් සූදානම් නැති බව විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ප්‍රකාශ කර ඇතැයිද වාර්තාවේ. එමෙන්ම වෙතත්, අතීතයේ දැඩි මහින්දවාදී මතධාරියෙකු ලෙස කටයුතු කළ චමින්ද කුලරත්න වෙනුවෙන් මෙලෙස පෙනී සිටීම සහ ඔහු වෙනුවෙන් සටන් කිරීම සජබ ප්‍රබල නායකයින් කිහිපදෙනෙකුමද තදින්ම ප්‍රතික්ෂේප කර ඇතැයිද වාර්තා වේ.

​එමෙන්ම 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී විපක්ෂය ලැබූ පරාජයේ අමිහිරි මතකය තවමත් වියැකී නොමැති පසුබිමක, ආණ්ඩුව නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙන මෙවැනි විශ්වාසභංග යෝජනාවකට යාම සම්බන්ධයෙන්ද සජබ පක්ෂ අභ්‍යන්තරයේ දැඩි මතභේදාත්මක තත්වයක් හටගෙන ඇතැයිද පැවසේ.

නිෂ්ඵල විශ්වාසභංගයක් හරහා ආණ්ඩුවේ බලය නැවතත් තහවුරු කිරීමට ඉඩ සැලසීම දේශපාලනිකව අවාසිදායක බවට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් පෙන්වා දී ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්