යාපනය, මාදගල් ප්‍රදේශයේ කුරුමන්තරෙයි මුහුදු තීරයේදී අද (27) අලුයම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී, මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන විශාල භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බෝට්ටුවක් සහ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
නාවික හමුදා විධාන ඒකකයට අයත් නිලධාරීන් සහ SLNS අග්බෝ කඳවුරේ නාවික හමුදා සාමාජිකයන් එක්ව මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදුකර ඇත.
එහිදී, මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා භාවිත කළ බවට සැක කෙරෙන බෝට්ටුවේ තිබී මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකසහිත ජාවාරම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.


Views: 0










