බද්දේගම පොලිස් වසමේ වවුලගල ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි තිදෙනෙකුට කාර් රථයකින් පැමිණි නාඳුනන පිරිසක් විසින් එල්ල කරන ලද වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරණයට පත් වී එක් අයෙකු තුවාල ලබා ඇත.
ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රතුකුරුස නිවාස, ගොඩහේන, අම්බලන්ගොඩ පිලිනයේ පදිංචි සුසිතා ඉරෝෂනී සහ කුළීගොඩ, අම්බලන්ගොඩ ලිපිනයේ පදංචි ත්‍රීරෝද රථයේ රියදුරු ලලිත් සුසන්ත ද සිල්වා යන දෙදෙනාය.
ඩී.එන්.ජී. මල්ලිකා නැමැත්තිය තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඇය සුසිතා ඉරෝෂනී නැමති මිය ගිය කාන්තාවගේ මව යැයිද පැවසේ.
ජීවිතක්ෂයට පත් කාන්තාව බද්දේගම පිහිටි ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ පැවැති නඩුවකට අදාලව ඉරුදින අත්සන් කිරීම සඳහා පැමිණ නැවත අම්බලන්ගොඩ දෙසට ගමන් කිරීමේදී කාර් රථයකින් පැම්ණි නාඳුනන කිහිප දෙනෙකු විසින් ටී 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත.
මරණකාරිය ලද්දුවා හන්දි සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී යන අයගේ කුඩු ජාවාරම් හා සම්බන්ධ තැනැත්තියෙකු බවත් මෙම ඝාතනය සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සොබනාහන්දි ජයලත් ද සිල්වා නොහොත් කරන්දෙණිය සුද්දා යන අය විසින් මෙහෙයවා ඇති බවට පොලිසිය ව්සින් සැකකරනු ලබයි.
මෙහි වැඩිදුර විමර්ශන බද්දේගම පොලිසිය විසින් සිදු කරන ලබයි.










