නාමල් `පුතා’ ශිරන්ති `අම්මාව’ අගුලක හසුකරලා…

නාමල් `පුතා’ ශිරන්ති `අම්මාව’ අගුලක හසුකරලා…

ප්‍රතිකාර සඳහා බව කියමින් හදිසියේ සිංගප්පූරුව බලා ගිය ශිරන්ති රාජපක්ෂ අද (24) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින බව ප්‍රකාශ කළද මේ වනතෙක් ආපසු පැමිණ නැති බව හෙළි වේ.

නමුත් මෙයට සති දෙකකට පමණ පෙර පාර්ලිමේන්තුවේදී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ කම පවුලේ කිසිවෙකුත් බයේ පැන නොයන බවයි. එහෙත් හදිසියේම ශිරන්ති රාජපක්ෂ සංගප්පූරුව බලා පිටත්ව යාමත් සමග නැවත පැමිණේද යන ප්‍රශ්නය බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබිණි.

මේ අතර 2022 මැයි 09 වන දින මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සියලු දෙනා ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරට පලා ගොස් සැඟවී සිටි ආකාරය නැවත ආවර්ජනය කරන සමාජ මාධ්‍යවල තොරතුරු හුවමාරු වෙමින් තිබේ. නාමල් රාජපක්ෂගේ ප්‍රකාශය මගින් රාජපක්ෂ පවුලේ පලායාමේ අතීතය සැඟවීමට උත්සාහ කළද ශිරන්ති රාජපක්ෂ මේ දක්වා නොපැමිණීමත් සමග රාජපක්ෂවරුන්ගේ පලායාම පිළිබඳ සාකච්ඡාව නැවත කරලියට පැමිණ ඇත.

එමෙන්ම බැසිල් රාජපක්ෂ, ශමීන්ද්‍ර රාජපක්ෂ, ජාලිය වික්‍රමසිංහ යන අයද මේ වනිවිටත් රටින් පලාගොස් සැඟවී සිටිති.

Facebook
Twitter
LinkedIn