“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” තේමාව කර ගනිමින්, ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ජන රැලි මාලාවේ මාතර අකුරැස්ස ප්‍රදේශයේ පවත්වනු ලබන මහ රැලිය මේ වනවිට ආරම්භ වී තිබේ.
අයහපත් කාළගුණ තත්වයේ වුවද මේ වනවිටත් ඉතා විශාල ජනකායක් අකුරැස්ස ප්‍රදේශයට පැමිණ සිටිති.
වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලන කාලය තුළ ඉටුකරන ලද සේවාවන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ ඉදිරි සංවර්ධන වැඩපිළිවෙල ජනගත කිරීම වෙනුවෙන් මෙම ජනහමු සංවිධානය කර තිබේ.





183










