පස්බාගේ කෝරලයට රතු නිවේදනයක්… මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශයට විශේෂයි…

පස්බාගේ කෝරලයට රතු නිවේදනයක්… මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශයට විශේෂයි…

මහවැලි ගංඟාවේ ඉහළ ධාරා ප්‍රදේශයට පසුගිය පැය කිහිපය තුල ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් පස්බාගේ කෝරලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මහවැලි ගඟ අවට පහත් බිම් ප්‍රදේශවලට මහ ගංවතුර තත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් කරයි.

එම ප්‍රදේශවල වෙසෙන ජනතාවගෙන් හා ඒ හරහා වැටී ඇති මාර්ග භාවිතා කරන රියදුරන්ගෙන් මේ පිලිබඳ දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

එසේම එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව පදිංචි මහජනතාව ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, ඇතිවිය හැකි ගංවතුර තත්වයකින් ආරක්ෂාවීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn