අධිකරණ පද්ධතිය ම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජය ඉදිරිපත් කර තිබෙන කෙටුම්පත් සම්බන්ධයෙන් සංවිධානාත්මක කණ්ඩායම් විසින් අගවිනිසුරුවරයා ඉලක්ක කර ගනිමින් අපහාස සිදු කිරීම පිළිබඳව දිගු නිහැඬියාවක සිටි ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) නිවේදනයක් නිකුත් කර ඇත.
ඊයේ (27) නිකුත් කළ එම නිවේදනයේ සිරස්තලය ලෙස යොදා තිබෙන්නේ “අධිකරණයේ ස්වාධීනත්වය, අධිකරණය පිළිබඳ වගකීම් සහගත විමර්ශනය සහ යුක්තිය පසිඳලීමේ පද්ධතිය පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රකාශය” යනුවෙනි. එම නිවේදනයේ සඳහන් කර තිබෙන්නේ තම සංගමයට එවැනි අපහාස කිරීම් සිදු කරන බව ය.
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී අගවිනිසුරුවරයාට එරෙහිව දිගින් දිගටම අපහාස කිරීම පිළිබඳව නීතිඥ සංගමය නිහඬ අනුමැතියක් ලබා දී තිබිණි. එම නිහඬතාවයට එරෙහිව සිවිල් සංවිධාන සහ පුරවැසියන්ගෙන් දැඩි චෝදනා එල්ල වීම හමුවේ නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් නලින්ද සිල්වාගේ අත්සනින් එම නිවේදනය නිකුත් කරනු ලැබීය.










