මහින්ද රාජපක්ෂ ප්රමුඛ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් හට 2015 – 2016 කාලයේ අවම වශයෙන් නඩුු 14ක් පවරා පසුව තාක්ෂණික දෝෂ මත ඉල්ලා අස්කර ගෙන තිබේ.
එමෙන් ම, එම පවුලේ සමීපතම කල්ලියේ සාමාජිකයින් සම්බන්ධයෙන් ද එම කාලයේ දී ම අවම වශයෙන් නඩු 15ක් පමණ පවරා ඉල්ලා අස්කර ගෙන තිබිණි. ජොන්ස්ටන් ප්රනාන්දු සම්බන්ධයෙන් පවරා තිබූ නඩු 5ක් නැවත පැවරීමට ඊයේ අභියාචනාධිකරණය නියෝග කළේය. ඔහුගේ නඩු 5ට අමතරව, කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව නඩු 3ක්, රෝහිත අබේගුණවර්ධන, ප්රියංකර ජයරත්න, ධම්මික පෙරේරා සහ නිස්සංක සේනාධිපති යන රාජපක්ෂ පවුලේ සමීපතමයින්ට එරෙහිව පවරා තිබූ නඩු ද ඉල්ලා අස්කර ගෙන තිබිණි.
එමෙන් ම, ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් එක් වත්කම් නඩුවක්, මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් ද වත්කම් නඩුවක්, බැසිල් රාජපක්ෂ සම්බන්ධයෙන් වත්කම් නඩු 5ක් සහ පොදු දේපළ අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් එක් නඩුවක් ද පවරා තිබී ඉල්ලා අස්කර ගෙන ඇත. නාමල් රාජපක්ෂ සම්බන්ධයෙන් වත්කම් නඩු 4ක් සහ රෝහිත රාජපක්ෂ සම්බන්ධයෙන් එක් වත්කම් නඩුවක් ද, නාවික හමුදාවට නීති විරෝධීව ඇතුලත් කර ගෙන මහජන ධනය යෙදවීම සම්බන්ධයෙන් තවත් නඩුවක් ද වශයෙන් පවරා තිබූ නඩු ඉල්ලා අස්කර ගෙන තිබිණි. මෙලෙස ඉල්ලා අස්කර ගත් නඩු නැවත පැවරීමට කටයුතු කරමින් සිටින අතර, මේ සියළු දෙනා වියරු වැටී ප්රකාශ කරමින් සිටිති.










