දූෂණ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු ඇමති ප්‍රසන්න රණතුංගට එරෙහිව සිදුකරන විමර්ශනවල ප්‍රගතිය ඔක්තෝම්බර් මස 20 වැනිදා ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද (04) අල්ලස් කොමිසමට නියම කර තිබේ.
ඒ, මෙම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
අද දින අල්ලස් කොමිසම විසින් මෙතෙක් විමර්ශන පිළිබඳව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද සඳහන් වේ.
එහිදී සැකකාර හිටපු ඇමති ප්‍රසන්න රණතුංග වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා විසින් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සිය සේවාදායකයාට ජර්මනිය සහ ඩුබායි රාජ්‍යයන්ට යාම සඳහා වීසා බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බැවින්, දැනට ඇප මත මුදාහැර තිබෙන විදේශ ගමන් බලපත්‍රය තවදුරටත් ඔහු භාරයේ තබාගැනීමට අවසර දෙන ලෙසට ඉල්ලා ඇත.
ඒ අනුව, පෙර නියම කළ ඇපය මත අදාළ විදේශ ගමන් බලපත්‍රය සැකකරු භාරයේ රදවා ගැනීමටද අධිකරණය අවසර ලබා දී තිබේ.
ඉන් අනතුරුව, මෙම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඔක්තෝබර් මස 20 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අල්ලස් කොමිසමට නියම කර ඇත.










