දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට නැවත වර්ෂාව ලැබීමත් සමඟ ඩෙංගු මදුරුවන් ව්‍යාප්ත වීම පිළිබඳව නැවත දැඩි අවධානයක් යොමු කළ යුතුව තිබේ.
පසුගිය කාලයේ වේගයෙන් ඩෙංගු ව්‍යාප්ත වෙමින් පැවති අතර, ජනතාව විසින් නොසැලකිලිමත් ලෙස රඹුටන් ලෙලි ඇතුළු ජලය එකතු විය හැකි කුණු අවිධිමත් ලෙසින් බැහැර කිරීම නිසා වැසි ආරම්භයත් සමඟ පරිසරය පිළිබඳව නැවත දැඩි අවධානයක් යොමු කිරීමට සිදු වී තිබේ.
මේ වසරේ ගෙවී ගිය මාස 07 තුළ ඩෙංගු රෝගීන් 83,000ක් ඉක්මවා වාර්තා විය. එයින් මරණයට පත් වූ සංඛ්‍යාව 64ක් බව ද වාර්තා විය. මෙම පසුබිම තුළ රටේ සියළුම පුරවැසියන්ගේ සාමුහික වගකීම දැඩිව අවධාරණයෙන් නැවත සිහිපත් කළ යුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙති.
Views: 0










