අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම, අභියාචනාධිකරණ විනිසුරු ධුර ප්‍රමාණය සහ මහාධිකරණ විනිසුරු ධුර ප්‍රමාණය ඉහළ දැමීම අරමුණු කරගෙන ගෙන එනු ලබන යෝජනාව ව්‍යවස්ථාවට අනුකූල බවට වන සහතිකය නීතිපති ලබා දී තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, අධිකරණ සංවිධාන පනතට, රජයේ සහ අධිකරණ නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ ආඥා පනතට මෙලෙස සංසෝධන ගෙන ඒමට නියමිතය.
මෙම සංශෝධන මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාචනාධිකරණයේ, මහාධිකරණවල, දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු දෙකකින් වැඩි කිරීම සහ අභියාචනාධිකරණ විනිසුරු ධුර සංඛ්‍යාව 19 සිට 24 දක්වාත්, මහාධිකරණ විනිසුරුවරුන්ගේ ධුර සංඛ්‍යාව 110 සිට 120 දක්වාත් ඉහළ දැමීමට මෙමගින් යෝජනා කර ඇත.
එමෙන්ම මේ වනවිටත් අධිකරණ පද්ධතියේ විශාල පුළුල් කිරීමකට ලක් කර තිබේ. පැවති සිවිල් අභියාචන මහාධිකරණය වෙනුවට එවැනි මාධිකරණ දෙකක් ස්ථාපිත කර ඇත. එමෙන්ම පැවති වාණිජ මහාධිකරණ තුන එවැනි මහාධිකරණ පහක් දක්වාත් අපරාධ නඩු විභාග කිරීම සඳහා පැවති මහාධිකරණ අට මහාධිකරණ එකොළහක් දක්වාත් වැඩි කර තිබේ.
විශේෂයෙන්ම හිටපු ඇමතිවරුන්ගේ මන්දිර අධිකරණ බවට පත්කර තිබෙන අතර ඊට අමතරව කොළඹ මහාධිකරණයේ අංක 06, 10, 11 යන ශාලාවල අල්ලස් නුඩු දිනපතා විභාග වෙමින තිබේ. මීට පෙර අල්ලස් නඩු විභාගයට ගැනුණේ එක අධිකරණයක පමණි.
දෙයියන්දර, අඟුණකොළපැලැස්ස, බිබිල, ගල්ගමුව වැනි ප්‍රාදේශීය මහේස්ත්‍රාත් අධිකරණ 08කට දිස්ත්‍රික් බලතල ලබාදී ඇති අතර නිලධාරී හිඟය හේතුවෙන් වැසි ගොස් තිබූ රත්නපුර, ගම්පහ, අනුරාධපුර, අම්පාර අධිකරණ නැවත සක්‍රීය කර ඇත. පුත්තලම, වැල්ලවාය, හැටන් සහ වැලිසර යන ප්‍රදේශවල අලුත් අධිකරණ පිහිටුවා ඇත.
මේ වනවිට රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය නිලධාරීන් බඳවාගෙන ඇති අතර ඊට අවශ්‍ය යන්ත්‍රෝපකරණද මේ වනවිට ලබාදීමට කටයුත සලසමින් තිබේ.










