ලංකාවේ ආර්ථිකයේ තවත් පිම්මක්… ඩොලර් බිලියන 10 ඉක්මවයි….

ලංකාවේ ආර්ථිකයේ තවත් පිම්මක්… ඩොලර් බිලියන 10 ඉක්මවයි….

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම 2026 වසරේ මුල් මාස 06 තුළ අමෙරිකානු ඩොලර් බිලියන 10 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ බාහිර අංශයේ නවතම කාර්යසාධන වාර්තාවට අනුව තහවුරු වේ.

ඒ අනුව, භාණ්ඩ අපනයනයේ වර්ධනයත් සමඟ සමස්ත අපනයන ආදායම 3.3%කින් ඉහළ ගොස් ඇති බව සඳහන්ය.

මේ අතර, ආනයන වියදම අපනයන ආදායමට වඩා වේගයෙන් ඉහළ යාම හේතුවෙන් වෙළෙඳ භාණ්ඩ හිඟය අමෙරිකානු ඩොලර් බිලියන 5.5ක් දක්වා පුළුල් වී ඇති බවද සඳහන් වේ.

ඊට අමතරව, ඉන්ධන සහ මෝටර් රථ ආනයන වියදම් ඉහළ යාම බාහිර අංශයට දැඩි බලපෑමක් එල්ල කර ඇති බවත්, කෙසේ වෙතත් විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ආදායම 23%කට වැඩි වර්ධනයක් පෙන්නුම් කරමින් ආර්ථිකයට ශක්තියක් වී ඇති බවත් සදහන් වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්