ඊයේ (01) පස්වරුවේ බන්ධනාගාරය තුළ රැඳවියන් පිරිසක් පරිපාලනය සමඟ ගැටුම් ඇති කර ගනිමින් බන්ධනාගාරයෙන් පලා යෑමට උත්සාහ කර ඇති අතර ආරක්ෂක අංශ විසින් අවස්ථා කිහිපයකදී දරණ ලද එම උත්සහයන් ව්‍යර්ත කොට තිබෙන බවද වාර්තා වේ.
එම සිදුවීම් අතරතුර ඔවුන් විසින් බන්ධනාගාරයේ දේපළ රැසකට දැඩි හානි සිදුකර ඇති අතර, පරිපාලන ගොඩනැගිලි හා ලිපිලේඛනවලටද ගිනි තබා විනාශ කර ඇත. මේ වනවිට හෙළි වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සංවිධානාත්මක පිරිසක් මෙම විනාශය මෙහෙයවා ඇති බවය.
මෙලෙස විනාශ කළ දේපළ අතර රැඳවියන්ගේ පුනුරුත්තාපනය සඳහා නවීන උපාංගවලින් ඉදි කර තිබෙන විවීන් අංශය ඇතුළු ස්ථාන රැසක්ම ගිණිබත් කර විනාශ කර ඇත. නීවරණය කරන ලද එම විවීන් අංශය රැඳවියන්ගේ භාවිතය සඳහා ලබා දී ඇත්තේද මීට දින දෙක තුනකට පෙර බව පැවසේ.
අද පෙරවරුව වනවිට බන්ධනාගාර නිලධාරීන් හා ආරක්ෂක අංශවල සහාය ඇතිව බන්ධනාගාරය තුළ තත්වය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට හැකි වී තිබේ.
සිද්ධියේ ස්වභාවය හා එයට හේතු වූ කරුණු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් මේ වනවිට ආරම්භ කර ඇති අතර ඇතැම් සිදුවීම් සැලකිල්ලට ගනිමින් මෙය රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් සැලසුම් කළ ක්‍රියාමාර්ගයක්ද යන්න පිළිබඳවද විමර්ශන අංශවල අවධානය යොමුවී ඇත.


















