රාගම ග්‍රාමනිලධාරී වසම් තුනකට ඇඳිරිනීතිය

රාගම ග්‍රාමනිලධාරී වසම් තුනකට ඇඳිරිනීතිය

මහර බන්ධනාගාර ගැටුමත් සමග රාගම ප්‍රදේශයේ ග්‍රාමනිලධාරී වසම් 03කට ඇඳිරිනීතිය පනවා තිබේ.

ඒ අනුව වාහාම ක්‍රියාත්මක වන පරිදි රාගම කැන්දලියද්දපාළුව උතුරු, කැන්දලියද්දපාළුව බටහිර සහ දඹුව යන ග්‍රාමසේවා වසම්වලට මෙලෙස නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතය පනවා ඇත.

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වයත් සමග රැඳවියන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් බන්ධනාගාරය අවට කලබල කිරීම නිසා ඇතිවන තත්වය පලානය කිරීම සඳහා සාමය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මෙසේ ඇඳිරිනීතිය පැනවූ බව පොලිසිය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්