පූජිතට මරණ දඬුවම

පූජිතට මරණ දඬුවම

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට මරණ දණ්ඩනය නියම කිරීමට කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (31) නියෝග කර තිබේ.

ඒ ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙනි.

ඒ සම්බන්ධව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපත ගොනු කළ අධිචෝදනාවල නඩු තීන්දුව අද (31) ප්‍රකාශයට පත් කරමින් මෙලෙස මරණ දණ්ඩනය නියම කෙරුණි.

2022දී වසරේ අදාළ නඩුවෙන් විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් තීරණය කර තිබණි.

පසුව ඊට එරෙහිව නීතිපති ගොනුකළ අභියාචනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගය ප්‍රකාරව මෙම නඩුවේ විත්තියේ සාක්ෂි කැඳවීම යළි සිදු කෙරුණි.

ඒ අනුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ස්තීර ත්‍රිපුද්ගල මහාධිකරණය මෙලෙස හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට මෙලෙස මරණ දඬුවම නියම කරන ලදී.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්