සමගි ජන බල සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මෑත කාලයේ දී අධිකරණ ක්‍රියාමාර්ග සහ නීතිය පිළිබඳව පළ කරන අදහස් නාමල් රාජපක්ෂගේ එම දැනුම සමඟ සමාන බව විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ.
නාමල් රාජපක්ෂ නීති විභාගයට වංචනික ලෙස පෙනී සිටිමින් සමත් වූ බවට බොහෝ සාක්ෂි ඉදිරිපත් වී තිබේ. දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා නාමල් රාජපක්ෂටත් වඩා අන්ත මට්ටමකට පිරිහී අධිකරණය සහ නීතිය පිළිබඳව කරුණු දක්වමින් සිටී.
මේ පිළිබඳව ආසන්නතම උදාහරණය වී තිබෙන්නේ ඊයේ (28) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි 2019දී සිදු කරන ලද පොලිසියට පහරදීම සම්බන්ධයෙන් නඩු විභාගය මහාධිකරණයේ නඩු විභාගයක් පවත්වා වසර එක හමාරක සිර දඬුවම් ලබා දීම සම්බන්ධයෙන් නීතිඥවරයෙකු වන දයාසිරි ජයසේකර කළ ප්‍රකාශයකි. ඔහු ප්‍රකාශ කර තිබුණේ එය සමථ මණ්ඩලයෙන් විසඳා ගත යුතු ප්‍රශ්නයක් බව ය. ඔහුගේ එම ප්‍රකාශය අධිකරණයට අපහාස කිරීමක් බව ද නීති ප්‍රවීණයෝ පෙන්වා දී තිබේ.










