ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සහ අධිකරණ සේවා පනත සංශෝධනය කිරීම මගින් මෙරට අධිකරණ පද්ධතියේ සියළුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීමට රජය ක්‍රියා කරමින් සිටින අතර, එයින් භීතියට පත් වූ කණ්ඩායම් ගෙන ගිය බිල්ලන් මැවීමේ ප්‍රචාරවලට පිළිතුරු ලබා දීම ආරම්භ කර තිබේ.
එම සංශෝධන පිළිබඳව අමාත්‍ය මණ්ඩල අනුමැතිය පසුගිය 27 වෙනි දින ලබා දුන් අතර, 28 වෙනි දින පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අදාළ කරුණු හෙළි කරනු ලැබීය. එයට සමගාමීව ජනවරමේ නීතිඥයෝ සංවිධානය මාධ්‍ය හමුවක් පවත්වමින් අදාළ සංශෝධන පිළිබඳ කරුණු පැහැදිලි කරමින් “විනිසුරු විශ්‍රාම වයස ගැන විරුද්ධ වෙන අයට කිසිම හේතුවක් නෑ. මවලා තියෙන්නේ බොරු බිල්ලෙක්” යනුවෙන් සඳහන් කරනු ලැබීය.
මෙම අවස්ථාවට නීතිඥ වෘත්තිකයන් විශාල පිරිසක් සහභාගී වූ අතර, අකලංක උක්වත්ත, හේමක සේනානායක, මනෝද්‍යා ගල්පාය, අනුරාධ කිරලවැල්ල, නලීන් අමරජීව සහ ගාමීණී නල්ලපෙරුම යන නීතිඥවරුන් අදහස් දැක්වූහ. එම මාධ්‍ය හමුවේ වීඩියෝ කොටසක් පහත දැක්වේ.










