සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කංජිපානි ඉම්රාන් නැමැත්තාගේ ප්‍රධානතම සමීපතමයෙකු ලෙස සැලකෙන “රත්මලානේ සයිමා” නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මැලේසියානු ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.
විදේශයක සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවන ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මගින් මීට පෙර රතු නිවේදනද නිකුත් කර තිබිණි.
ඇප මත නිදහස් වීමෙන් පසු 2022 වසරේදී විදේශයකට පලාගිය කංජිපානි ඉම්රාන්, විදේශයන්හි සිටින සිය ජාලය හරහා මෙරට තුළ සිදු කරන ජාවාරම් සහ විවිධ අපරාධ ක්‍රියාකාරකම් පාලනය කරන බවට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී ඇත.
විදේශයන්හි සැඟව සිටිමින් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය පවත්වාගෙන යන කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධානතම ගෝලයින් සහ බෙදාහරින්නන් ඉලක්ක කර ගනිමින් බුද්ධි අංශ එක්ව විශේෂ මෙහෙයුම් රැසක් මේ වනවිටත් දියත් කර තිබෙන බවද වර්තා වේ.










