පේරාදෙණිය ශික්ෂණ රෝහලේ 2027 වසර සඳහා වන මුළුතැන්ගෙයි ආහාර පිසීමට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට අදාළ ටෙන්ඩර් ඉදිරිපත් කිරීම සඳහා මිල ගණන් කැඳවීමේ දී, අයදුම්පත් ඉදිරිපත් නොකර එම ටෙන්ඩරය ලබා ගැනීමට ඉඩ සලසා දෙන බව පවසා, රුපියල් ලක්ෂ 20ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීම සහ ආධාර අනුබල දීම යන අල්ලස් චෝදනා මත පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී පැමිණිලිකරුගේ පියාගේ හා මාමාගේ නමින් මිල ගණන් ඉදිරිපත් කිරීමට ලබාගෙන ඇති අයදුම්පත් ඉදිරිපත් නොකර සිටීමට මෙලෙස මුලින් ලක්ෂ 30ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඇති අතර, එම මුදල රුපියල් ලක්ෂ 25 දක්වා අඩු කර, පසුව නැවත එම මුදල රුපියල් ලක්ෂ 20ක් දක්වා අඩු කර ඇත.
එම රුපියල් ලක්ෂ 20ක මුදල අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීම හා ඊට ආධාර අනුබලදීම යන චෝදනා මත ගම්පොළ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සහ තවත් පුද්ගලයකු ගම්පොළ තැපැල් කාර්යාලය අසළ රථගාලේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.










