ට්‍රම්ප්ගේ ඉරාන යුද්ධයට ඇමරිකාවේ විරෝධය !

ට්‍රම්ප්ගේ ඉරාන යුද්ධයට ඇමරිකාවේ විරෝධය !

“අපට බුද්ධිමත් පිළිතුරු සහ ඔබගේ අවංකභාවය අවශ්‍යයි” යයි ඇමරිකාවේ සෙනෙට් සභිකයින් එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සහ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ඩෑන් කේන්ගෙන් එසේ ඉල්ලා සිටියහ. ආරක්ෂක වියදම් ලෙස පීට් හෙග්සෙත් විසින් ඉදිරිපත් කරන ලද ඩොලර් බිලියන 67 ක නව අයවැය වැඩිවීමක් යුධ වියදම් සඳහා වන ඉල්ලීමක් මත මෙම ප්‍රශ්ණ කිරීම සිදු කර ඇති බව වාර්තා වේ.

එක්සත් ජනපදය විසින් ඉරානය තුල සිදු කරන හමුදා මෙහෙයුම් නැවත උත්සන්න වීමත්, ලෝක වෙළඳ පලේ තෙල් මිලෙහි තියුණු වැඩිවීමක් සහ මෙම සති අන්තයේ ජෝර්දානයේ එක්සත් ජනපද කඳවුරක ඇමරිකානු සොල්දාදුවන් තිදෙනෙකු මිය යාම නිසාත්, ඇමරිකානු ජනතාව තුල ඉරාන යුද්ධයට එරෙහිව දැඩි විවේචන එල්ල වීම නිසාත් ජූලි 21 වන අඟහරුවාදා සෙනෙට් සභාවේ නියෝජිතයින් විසින් ආරක්ෂක ලේකම්වරයාගෙන් එසේ ප්‍රශ්න කරන ලදී.

එයට පිළිතුරු ලෙස සෙනෙට් සභිකයින් වෙත ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් යෝජනා කළේ අගෝස්තු ආරම්භය වන විට භාණ්ඩාගාරය හිස් වීමට ආසන්න වනු ඇති බවත්, ඉරානයේ යුද්ධයෙන් එක්සත් ජනපදයට මේ දක්වා ඩොලර් බිලියන 37.5 ක් වැය වී ඇති බවත්ය. මෙම මුදලට සැප්තැම්බර් අවසානය දක්වා අපේක්ෂිත වියදම් කිහිපයක් ඇතුළත් බව ද ඔහු සඳහන් කළේය. මෙයට පෙර ලබා ගත් අගය වූ ඩොලර් බිලියන 29 ට සාපේක්ෂව 30% කට ආසන්න වැඩිවීමක් මෙම නව ඉල්ලීම තුල නියෝජනය කරයි. මේ අනුව ආරක්ෂක ලේකම් වරයා වැටුප් ගෙවීම් සහ පතොරම් තොග යලි නිෂ්පාදනය පිළිබඳව ප්‍රශ්න මතු කරනු ලැබුවේය. නමුත් මහජන විරෝධය මැද පවත්වාගෙන යනු ලබන හමුදා ක්‍රියාමාර්ගයට ජනප්‍රියතාවය නොමැතිකම ඔහුගේ තර්කවලට සෙනට් සභාව දිගින් දිගටම ප්‍රශ්ණ මතු කරනු ලැබුවේය.

මෙම හමුවේදී යුද විරෝධී බැනර් දිගහැරීමෙන් පසු සමාජ ක්‍රියාකාරීන් හතර දෙනෙකු ශාලාවෙන් ඉවත් කරනු ලැබිණි.

මේ වන විට ඉරානයට එරෙහි යුද්ධය හේතුවෙන් ට්‍රම්ප් ගේ රිපබ්ලිකන් කඳවුර ද තියුණු ලෙස බෙදී ගොස් ඇති බව වාර්තා වේ. ලුසියානා හි සෙනට් සභික John Neely ආරක්ෂක ලේකම් වරයාට හා හමුදාපති වරයා ගෙන් මෙසේ අසා සිටියේය.

“මගේ රිබලිකන් සෙනට් සගයන් කිහිප දෙනෙකු ඉරානයේ සිදුවන සියල්ල නැවැත්වීමට, අවහිර කිරීම අවසන් කිරීමට සහ අපගේ සොල්දාදුවන් නැවත නිවසට පැමිණීමට අවශ්‍ය බව ඔබට දැනුම් දෙන්න කිව්වා. ඉරාන ජාතිකයන් හෝමූස් සමුද්‍ර සන්ධියේ ගාස්තුවක් ස්ථාපිත කරයිද?” අපට බුද්ධිමත් හා අවංක පිළිතුරු අවශ්‍යයි.”

එයට පිළිතුරක් දීමට හමුදාපති Dan Caine අසමත් වූ බව පැවසේ. එය දේශපාලන තීරණයක් බව ඔහු අවසාන වශයෙන් පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවේදී ඩිමොක්‍රටික් සෙනෙට් සභික Jeanne Shaheen පෙන්වා දුන්නේ ආරක්ෂක ලේකම්වරයාට තවමත් වියදම් නොකළ අරමුදල් ඩොලර් බිලියන 75 ක් වෙන්කර ඇති බවයි.

“දැනටමත් අනුමත කර ඇති නමුත් වියදම් කර නොමැති එම අරමුදල් භාවිතා නොකර ජනතාව සහාය නොදක්වන යුද්ධයක පිරිවැය දරා ගැනීමට ඔබ ඇමරිකානු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඇයි?” ඇය අසා සිටියාය.

ආරක්ෂක ලේකම්වරයාට අනුව, මෙම මුදල් “ඇමරිකානු ඩෝම්” or GOLDEN DOM සහ අනෙකුත් ආයුධ නිෂ්පාදනය කිරීමට ආයෝජන ව්‍යපෘති වලට හා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනෙකුත් ව්‍යාපෘති සඳහා “වෙන් කර” ඇත. ආරක්ෂක ලේකම් වරයාගේ මෙම පිළිතුරු හේතුවෙන් සෙනට් සභාව උණුසුම් වී ඇති අතර සෙනෙට් සභිකයින් ඔවුන්ගේ සැකයන් ප්‍රකාශ කරන විට රිපබ්ලිකානුවන් වැඩි වැඩියෙන් සැක සහිත වී බෙදී ගොස් ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් මැද පෙරදිග මාධ්‍ය වාර්තා කරනුයේ ඉරානයට එරෙහිව සිදු කල නව මෙහෙයුමේදී මියගිය ඇමරිකානු සොල්දාදුවන් හතර දෙනෙකු පෙන්ටගනය විසින් ඉතා රහසිගතව ඉවත් කර ගෙන ඇති බවයි. මෙම ඉරාන ප්‍රති ප්‍රහාරයේදී ඇමරිකානු සේවා සාමාජිකයින් 207 දෙනෙකු තුවාල ලබා ඇති බව ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කරයි. මේ වන විට ඉරානය සමග යුද්ධයෙන් පසුගිය අඟහරුවාදා වන විට නිල වශයෙන් 18 දෙනෙකු මිය ගොස් 482 දෙනෙකු තුවාල ලබා ඇත. නමුත් ඇසෝසියේටඩ් ප්‍රෙස් විසින් උපුටා දක්වන ලද එක්සත් ජනපද නිලධාරියෙකුට අනුව, ගැටුම ආරම්භයේ සිටම ඇමරිකානු සේවා සාමාජිකයින් 500 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

මේ අතර ඉරානය පවසන්නේ හෝමූස් සමුද්‍ර සන්ධියේ කළමනාකරණය සම්බන්ධයෙන් ඕමානය සමඟ සාකච්ඡා සඳහා එක්සත් ජනපදය සම්බන්ධ නොවන බවය. ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බකායි පැහැදිලි කළේ මෙම හුවමාරු දැඩි ලෙස ද්විපාර්ශ්වික සහ අඛණ්ඩව ලෙස සිදුවන බවයි. ඉරාන සහ ඕමාන නිලධාරීන් ආරක්ෂිත නාවික ගමනාගමනය සහතික කිරීම සඳහා යාන්ත්‍රණ සඳහා කටයුතු කරන අතරතුර, සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බව ද ඔහු තහවුරු කළේය. මේ අතර, ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) සඳුදා අනවසර මාර්ගයක් භාවිතා කළ බවට චෝදනා කරමින් නැව් හයක් ඇතුළුව නැව් කිහිපයක් අල්ලා ගත්තේය.

අවසාන වශයෙන්, ටෙහෙරානය නැවත වරක් වොෂින්ටනය හෙළා දුටුවේ, එක්සත් ජනපදය “මාෆියා සංවිධානයක් මෙන්” ක්‍රියා කරන බවට සහ ඵලදායී සංවාදයක ඕනෑම අපේක්ෂාවක් අඩපණ කරන බවට ද ට්‍රම්ප් පරිපාලනයට චෝදනා කරමිනි. පසුගිය සති දෙක තුළ ගැටුම් නැවත ආරම්භ වීම සනිටුහන් කරමින්, එක්සත් ජනපදය සහ ඉරානය මෙම සති අන්තයේ ඔවුන්ගේ අන්‍යෝන්‍ය ප්‍රහාර නතර කළහ.

ඇමරිකාව පවසන්නේ මිසයිල හිඟය නිසා එසේ සිදු කල බවයි. නමුත් ස්ථිර සාමයක් වෙනුවෙන් සමාන්තරව සාකච්ඡා දිගටම දෙරට අතර පැවතුනි. එක්සත් ජනපදය සිකුරාදා ඉරාක අගමැති හරහා සටන් විරාමයක් ඉල්ලා සිටි බව වාර්තා වේ. ටෙහෙරානයේ ප්‍රතික්ෂේප කිරීම නොතකා, ට්‍රම්ප් සිකුරාදා අර්බුදකාරී රැස්වීමකින් පසුව, ඔහු පොරොන්දු වූ මහා පරිමාණ ප්‍රහාරය කල් දැමීමට තීරණය කළ අතර එමඟින් යුද්ධය උත්සන්න වීම ප්‍රමාද විය. ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය ද සිය ප්‍රහාර නවත් වනු ලැබිණි.

මේ හේතුවෙන් වොෂින්ටනය සහ ටෙහෙරානය අතර නව ගිවිසුමක් සඳහා වූ අලුත් බලාපොරොත්තු වලින් පසුව ලෝක වෙළඳ පලේ තෙල් මිල ද පහත වැටී තිබේ. ආසියානු වෙළෙඳපොළ විවෘත කිරීමේදී තෙල් මිල තියුනු ලෙස පහත වැටුණු අතර, පසුගිය රාත්‍රී දෙක තුළ ඉරානයට එරෙහිව නව එක්සත් ජනපද ප්‍රහාර නොමැති වීමෙන් ආයෝජකයින් සහතික විය. ඒ අනුව උතුරු මුහුදේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයකට 5.58% කින් පහත වැටී ඩොලර් 91.38 ක් වූ අතර, බටහිර ටෙක්සාස් අතරමැදි (WTI) බොරතෙල් 5.46% කින් පහත වැටී ඩොලර් 84.43 ක් විය.

මේ අතර පසුගිය බ්‍රහස්පතින්දා එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres ආරක්ෂක මණ්ඩල රැස්වීමකදී අනතුරු  හඟවා සිටියේ යුද්ධයෙන් විනාශ වූ මැදපෙරදිග තත්ත්වය “පාලනයෙන් තොර” සහ “අවසානයක් සිතාගත නොහැකි තත්වයක” පවතින බවයි. සමස්ථ මැද පෙරදිග කලාපයම අඛණ්ඩව, දිගින් දිගටම උත්සන්න වන ගැටුම් චක්‍රයක ගිලී ගොස් ඇත. එක් අර්බුදයක් තවත් අර්බුදයක් මගින් පෝෂණය කරමින් ද එක් උත්සන්න වීමක් තවත් අර්බුදයකට ද දිනෙන් දින මග පාදයි. පියවරක් පසුපසට ගැනීමට දැන් කාලයයි,” යයි ඔහු තවදුරටත් පවසා සිටියේ දැඩි කනසල්ලෙනි.

Facebook
Twitter
LinkedIn