මෙරට අධිකරණ පද්ධතියේ සියලුම විණිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීම ප්‍රමුඛ නීතික්ෂේත්‍රයට බලපාන සංශෝධන කිහිපයක් සම්බන්ධයෙන් වූ කෙටුම්පත අද (27) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙම සංශෝධනයේදී උපරිමාධිකරණ විණිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ දැමීමටනම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් එක් කළ යුතුය. ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන සංශෝධන කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් පසුව ප්‍රසිද්ධ කරනු ලැබේ.
එම කෙටුම්පත සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතින්නේනම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බලය පවරා තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර අර්ථ නිරූපනයක් ලබා ගැනීමට ඕනෑම පාර්ශවයකට විවෘතව පවතී. එවැනි තත්වයක් හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් හෝ එම බහුතරය සමග ජනමතවිචාරණයකට යොමු කළ යුතුය යන අවසාන තීන්දු ලැබිය හැකි බව නීති විශාරදයින් පෙන්වා දී ඇත.
මේ වනවිටත් අධිකරණ විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීමට විරුද්ධව විපක්ෂයේ ඇතැම් කන්ඩායම් විවිධ අසත්‍ය ප්‍රචාර යවමින් තිබෙන පසුබිමක නීතිය හමුවට ගොස් තීන්දුවක් ලබා ගැනීමේ හැකියාව ඉදිරි සති කිහිපය තුළදී උදා වේ.










