සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් කෙටි කාලයක් තුළ පොදු ජනතාවගේ සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා සුවිශේෂී ක්‍රියාමාර්ග තුනක් ක්‍රියාත්මක කර තිබේ.
පාසල් දරුවන්ගේ ආහාර සඳහා ප්‍රමිතියක් සකස් කිරීම, පළතුරු ඉදවීම සඳහා රසායනික ද්‍රව්‍ය යොදාගැනීම තහනම් කිරීම සහ පෞද්ගලික අංශයේ රසායනාගාර සඳහා නිශ්චිත ප්‍රමිතියක් සහ පරීක්ෂණ සඳහා උපරිම ගාස්තු නියම කිරීම එම ක්‍රියාමාර්ග තුනය.
මෙතෙක් කල් කිසිදු ප්‍රමිතියකින් තොරව කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය යොදාගනිමින් රෝගීන්ගේ ලේ, මුත්‍රා ඇතුළු සංවේදී පරීක්ෂණ සිදුකළ ස්ථාන තිබී ඇති බව වැටලීම්වලදී හෙළි වී ඇත. එම අතත්වය අවසන් කරමින් නිසි ප්‍රමිතියක් සහ පරීක්ෂණ සඳහා උපරිම මිල ගණන් නියම කරනු ලැබ ඇති අතර එම නියෝග කඩකරන රසායනාගාර පිළිබඳව දැන්වීම සඳහා 1977 ක්ෂණික දුරකථන අංකයද හඳුන්වා දී තිබේ.
25










