වියට්නාමය, බෙලීස් සහ මොසැම්බික් යන රටවලට පසුව, වේගයෙන් දියුණුවන රටවල් අතර සිව්වන ස්ථානයට ලංකාව පත්ව තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (Institute of International Finance – IIF) පවසයි.
ණය විනිවිදභාවය සහ ආයෝජන සබදතා යන අංශවල වේගවත් දියුණුවක් ශ්‍රී ලංකාව මේ වනවිට පෙන්නුම් කරමින් සිටින බවත් ණය ප්‍රතිව්‍යහුගත කරණ ක්‍රියාවලියට පසුව, ශ්‍රී ලංකාව ආයෝජන විශ්වාසය තහවුරු කිරීමට කටයුතු කරමින් සිටින බවත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනය වැඩිදුරටත් පවසයි.
විනිවිදභාවයේ ප්‍රතිලාභය නම් මෙම වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ සමස්ත ආයෝජක සබඳතා පිළිබඳ රටක ලකුණු මට්ටම 2025 දී පැවති 37.33 සිට 2026 දී 43.67 දක්වා ඉහළ ගොස් ඇත.
නැගී එන වෙළඳපල සහ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් 57ක් අතරින් ඉහළම කාණ්ඩයට අයත් වීමට එමගින් ශ්‍රී ලංකාවට හැකි වී තිබේ.
මෙම ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (Institute of International Finance – IIF) යනු ගෝලීය මූල්‍ය ක්ෂේත්රයේ නියැලෙන ආයතන සහ බැංකු නියෝජනය කරන ප්‍රමුඛතම ජාත්‍යන්තර වෙළඳ හා ප්‍රතිපත්ති සංගමයක් වන අතර පර්යේෂණ සහ දත්ත විශ්ලේෂණය, නියමනය සහ ප්‍රතිපත්ති සම්පාදනය (Advocacy) සහ ණය ප්‍රතිසංස්කරණ (Debt Restructuring) ආදිය එහි ප්රමුඛ කාර්යයන් වේ.
ඒ අනුව, ගෝලීය ආර්ථිකය, නැගී එන වෙළඳපල (Emerging Markets), සවෛරී ණය (Sovereign Debt), සහ මූල්‍ය ස්ථායීතාවය පිළිබඳ විස්තීර්ණ වාර්තා සහ පර්යේෂණ නිකුත් කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF), ලෝක බැංකුව, G20 සහ විවිධ රටවල මධ්‍යම බැංකු වැනි රාජ්‍ය හා ජාත්‍යන්තර බලධාරීන් සමග මූල්‍ය ක්ෂේත්රයේ යහපත උදෙසා සාකච්ඡා කිරීම මෙන්ම විවිධ රටවල පවතින ණය අර්බුද විසඳීමට සහ පෞද්ගලික ණය හිමියන් (Private Creditors) හා රජයන් අතර මූල්‍ය සාකච්ඡා සඳහා පහසුකම් සැලසීම ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් සිදු කරනු ලබයි.
සංවර්ධනය වෙමින් පවතින සහ නැගී එන ආර්ථිකයන්හි (Emerging and Frontier Markets) මූල්‍ය හා ණය තත්වයන් මෙන්ම ගෝලීය ප්‍රාග්ධන ගැලීම් පිළිබඳව විශ්වාසදායක වාර්තා නිකුත් කරන ප්‍රධානතම ආයතනයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (Institute of International Finance – IIF) හැඳින්විය හැකිය.










