අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් බව කියමින් විමල් වීරවංශ සජිත් සහ රනිල් කල්ලිය සමඟ එක්වී සිටින අතර, මහින්ද රාජපක්ෂගේ දෙවන ධුර සමයේ දී ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරු ධුරයෙන් එළවා දැමීමට ප්‍රමුඛතම වැඩ කොටසක් ඉටු කළ ආකාරය පිළිබඳව අවධානය යොමු වී තිබේ.
පසුගිය 24 වෙනි දින විපක්ෂ නායක කාර්යාලයට එක් වූ විමල් වීරවංශ ප්‍රකාශ කර තිබුණේ අගවිනිසුරුවරියට එරෙහිව පාර්ලිමේන්තු කමිටුවක් මගින් චෝදනා විමර්ශනය කළ බවයි. ඔහු සඳහන් කළ ආකාරයට 2013 ජනවාරි 11 වෙනි දින එවකට සිටි අගවිනිසුරුවරියට එරෙහිව විමල් වීරවංශ කළ ප්‍රකාශ හැන්සාඩ් වාර්තාවෙන් උපුටා ගෙන පහත දැක්වේ.
Views: 0










